සෙනසුරාදා, 23 මාර්තු 2024 12:23

ශ්‍රී ලන්කන් තුනට කඩා විකුණන්න හදයි Featured

ලංසු කැඳවීම දින 45ක් දීර්ඝ කෙරේ

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා පෞද්ගලික ආයෝජකයකුගේ නිසි ලංසු මුදලක් ඉදිරිපත් නොවුණහොත් එය සමාගම් තුනක් ලෙස වෙන් කර අලෙවි කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලන්කන් කේටරින්, ගුවන් තොටුපළ සේවා මෙහෙයුම් සහ ගුවන් යානා මෙහෙයුම් ලෙස සමාගම් තුනකට වෙන් කර අලෙවි කිරීමට යෝජනා වී ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩු ලබන්නේ ශ්‍රී ලන්කන් ගුවන් යානා මෙහෙයුම් පමණක් බවත් ශ්‍රී ලන්කන් කේටරින් සහ ගුවන් තොටුපළ සේවා මෙහෙයුම් යන අංශ පාඩු නොලබන බවත් එම ආරංචි මාර්ග පවසයි.

එබැවින් ශ්‍රී ලන්කන් කේටරින් සහ ගුවන් තොටුපළ සේවා මෙහෙයුම් පෞද්ගලික අංශයට පවරා ගුවන් යානා මෙහෙයුම් රජය යටතේ පවත්වාගෙන යෑමට යෝජනා ඉදිරිපත් වී ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු අවම ලංසු මුදල රුපියල් බිලියන 500ක් ලෙස රජය මගින් යෝජනා කර ඇත.

ආයෝජකයන් සිව් දෙනකු ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා ඉදිරිපත්ව තිබුණත් රජය අපේක්ෂා කරන ලංසු මුදලක් ඉදිරිපත් නොවීම නිසා ලංසු කැඳවීම තවත් දින 45 කින් දීර්ඝ කිරීමට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පසුගියදා තීරණය කළේය.

උපාලි ද සේරම්

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website