සෙනසුරාදා, 23 මාර්තු 2024 12:27

රාජ්‍ය ආයතනවල වංචාවන්ට වගකිව යුත්තන් තවමත් සේවයේ – වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය Featured

රාජ්‍ය ආයතනවල සිදුව ඇති බරපතළ දූෂණ, වංචා සහ අක්‍රමිකතාවන්ට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව නීති කටයුතු ඇරඹීමට අමාත්‍යාංශ ලේකම්වරුන් ක්‍රියා නොකිරීමෙන් එම නිලධාරීන් අඛණ්ඩව එම ක්‍රියාවන්ගේ නිරතව සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කර සිටී.

විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති විගණන වාර්තාවලට අනුව රටේ බොහෝ රාජ්‍ය ආයතනවල බරපතළ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සිදුව ඇතත් විගණන පනත ශක්තිමත් කිරීමට එරෙහි වූ රාජ්‍ය පරිපාලන නිලධාරීන් නිසා නීතිය ක්‍රියාත්මක කර දඬුවම් පැමිණවීම කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද එම ස්නධානය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේදී බරපතළ දූෂණ, වංචා සිදුවීම සම්බන්ධයෙන් දිගින් දිගටම විගණකාධිපතිවරයා තම වාර්තා මගින් පෙන්වා දී ඇතත්, එයට වගකිව යුතු නිලධාරීන් අඛණ්ඩවම තනතුරු ගොඩනංවමින් සිටීම හේතුවෙන් සෞඛ්‍ය පද්ධතියේ විශ්වාසනීයභාවය බිඳ වැටී දූෂණ වංචා සහ අක්‍රමිකතා අඛණ්ඩව සිදුවෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පවසයි.

සුජීව තත්සර

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website