බදාදා, 27 මාර්තු 2024 11:17

පාසල් දරුවන් ලක්ෂ හයක් ආහාර නොගෙන පාසල් වෙත.. Featured

ආර්ථික ස්ථායිකරන කමිටුව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශයක් අනුව පාසල් දරුවන්ට ආහාර වේලක් ලබාදීමේ ක්‍රියාවලිය අතිශය වැදගත් බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් ලක්ෂ හයක් ආහාර නොගෙන පාසල් වෙත පැමිණෙන බව හෙළි විය. එහිදී ආර්ථික ස්ථායිකරන කමිටුව යෝජනා කර සිටියේ පාසල් දරුවන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් නොමිලේ ලබා දිය යුතු බවයි.

මේ වන විට ක්‍රියාවට නංවා තිබීම අතිශය වැදගත් බව රණවක මහතා කියා සිටියේ පොල්ගහවෙල මයික්‍රෝ මෝටර් රථ නිෂ්පාදනාගාර නිරීක්ෂණ චාරිකාවේදී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙනි.

ආහාර අර්බුදය නිසා පිරිමි දරුවන් පාසල් හැර යාමේ තත්වයක්ද නිර්මාණය වී තිබිණ. එහෙත් ආහාර ලබා දීමත් සමග එම තත්ත්වය අවම වී තිබේ. රණවක මහතා කියා සිටින්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය සංවර්ධනයට ද මෙම වැඩපිළිවෙළ පිටිවහලක් බවයි.

සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන ප්‍රවර්ධනයට වැඩසටහන යොදාගත යුතුය. ඒ නිසා අස්වැසුම වැඩපිළිවෙළ යටතේ එය පුළුල් කරන ලෙස රණවක මහතා යෝජනා කරයි.

පසුගිය පෙබරවාරි 14 වනදා එක්සත් ජනරජ පෙරමුණ ඉදිරිපත් කළ දේශය වෙනුවෙන් එක් වන පියවරක් යෝජනාවලියෙහිද මේ පිළිබඳ අන්තර්ගත බව පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

CN

336 x 200 Sinhala

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website