සිකුරාදා, 12 අප්‍රේල් 2024 09:52

අවුරුද්දට අහසට යයි සිතූ එළවළු බින්දුවටම බහී… Featured

දිනෙන් දින උඩරට එළවළු වර්ගවල මිල ගණන් පහත බැසීම හේතුවෙන් තමන් කබලෙන් ළිපට වැටුණු තත්ත්වයකට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ එළවළු ගොවීහු පවසති.

උඩරට සෑම එළවළුවකම පාහේ මිල ගණන් අධික ලෙස පහත බැස ඇති බවත්, ලීක්ස් කිලෝවක් රුපියල් 170ක්, කැරට් කිලෝවක් රුපියල් 270ක්, ගෝවා කිලෝවක් රුපියල් 170ක්, අර්තාපල් කිලෝවක් රුපියල් 260ක්, නෝකෝල් කිලෝවක් රුපියල් 70ක්, බීට්රූට් කිලෝවක් රුපියල් 120ක්, සලාද කිලෝවක් රුපියල් 70ක්, මාළු මිරිස් කිලෝවක් රුපියල් 400ක් වැනි තොග මිලකට අලෙවි වූ බව ඔවුහු පවසති.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඩා පරිමාණ උඩරට එළවළු වගාකරුවන් මෙන්ම, උඩරට වතුකරයේ කුඩා පරිමාණ උඩරට එළවළු වගාවන්ගේ නිරත ගොවීන් මෙම තත්ත්වයට මුහුණ පා ඇති බවත්, තමන් දැඩි ආර්ථික දුෂ්කරතා මැද්දේ සිදු කරනු ලබන එළවළු වගාවන්ට මෙසේ නිසි මිලක් නොලැබී යෑමෙන් දැඩි දුෂ්කරතාවන්ට හා විවිධ අපහසුතාවන්ට ලක්ව ඇති බවද ගොවීහු කියති.

අලුත් අවුරුදු සමය මුල්කර ගනිමින් රන් ආභරණ බැංකුවට තබා හා විවිධ ආකාරයේ ණය ලබා ගනිමින් වගාවන් සිදු කරනු ලැබුවේ සෑම අලුත් අවුරුදු සමයකදීම එළවළු මිල ගණන් ඉහළ යෑම අපේක්ෂා කරමින් බව ඔවුහු කීහ.

එහෙත් මෙම වසරේ නොසිතූ ලෙස උඩරට එළවළු වර්ගවල මිල ගණන් පහත බැසීමෙන් තමන් පත් වූයේ දැඩි අසරණ භාවයකට බව උඩරට එළවළු ගොවීහු වැඩිදුරටත් පවසති.

නව තිස්පනේ – ඩී.එම්.ඩී. සිසිර

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website