ඊට අමතරව දැනට තාවකාලිකව නවතා ඇති රථ වාහන ආනයන සීමා අදියර හතරක් යටතේ ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි ද සියඹලාපිටිය මහතා කීය.
වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ මුදල් රාජ්‍ය ඇමැතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී මේ කරුණු සඳහන් කළේය.
සියලු වාහන ආනයනය කිරීම එක්වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්‍රායෝගික බව ආනයනකරුවෝ එහිදී කියා සිටියහ. පොදු ප්‍රවාහනය සඳහා අවශ්‍ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදි වශයෙන් කොටසින් කොටස ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්‍රායෝගික බව එහිදී අවධාරණය කෙරිණි. බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව සියඹලාපිටිය මහතා කීය.
ජයසිරි මුණසිංහ