සෙනසුරාදා, 18 මැයි 2024 06:26

වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් 54 ක් ඇගයීමට ලක්කෙරේ Featured

මෙරට පළමු වරට වයස අවුරුදු 45 ට අඩු ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 54 දෙනෙකු ඇගයිමට සහ සම්මානය පාත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් (17) දින කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැත්විනි.

ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ Global CEO forum සංවිධානය විසින් වන අතර, මෙම සම්මාන උළෙල සදහා මෙරට ඉහළ පෙලේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින්, අධ්‍යක්ෂවරුන්, ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වුයේ මෙරට ව්‍යවසායකින් දිරිගැන්වීම මෙන්ම ජාතික ආර්ථීක සංවර්ධනයට  වැඩි දායකත්වයක් ඔවුන්‌ගෙන් ලබාගැනීමයි. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස රට හැර යන තරුණ දක්ෂ ව්‍යවසායකින් රට තුළ රඳවා ගැනීමට ද හැකියාව ලැබේ.

මෙහිදි මෙරට ජන ජීවිතය නගා සිටුවීමට දක්වන ලද පුළුල් මෙහෙවර ඇගයීමට ලක් කරමින් දිවංගත ඒ.ටී ආරියරත්න මහතාට හිමි සමාජ සංවර්ධන ව්‍යවසායක යුගපුරුෂ සම්මානය ගරු අග්‍රාමාත්‍යතුමා අතින් පිළිගැන් වූ අතර, එය ලබාගන්නා ලද්දේ ඒ.ටී ආරියරත්න මහතාගේ බිරිද වන නීතා ආරියරත්න මහත්මිය විසිනි.

ව්‍යාපාරිකයෙකුට ජිවිතයේ එක් වරක් පමණක් ලැබෙන ගෝලීය ව්‍යාපාරික විශිෂ්ඨතා සම්මානය   ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු වූ අතර, එය රටවල් 50 කට අධික ප්‍රමාණයකට භාණ්ඩ අපනයනය සිදු කරන ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික අයතනයක් වන “Auto Bath ware” ආයතනයේ සභාපති බන්දුල කරුණාරත්න මහතාට ප්‍රදානය කෙරුණේ සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අතිනි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ පසුගිය වසර 75 ක කාලය තුල ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇතිව තිබෙන බවයි.  කොවිඩ් වසංගතය හමුවේ යම් පසුබෑමකට ලක් වූ ව්‍යාපාරික ක්ෂේත්‍රය මේ වනවිට සාමාන්‍යකරණය වෙමින් පවතින බව ද පැවැසීය. තමන් කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ව්‍යාපාර ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙම අවස්ථාවට Global CEO forum සභාපති අනුර සිරිවර්ධන, උපදේශක සහ සම සභාපති සුනිල් විඡේසිංහ, වරලත් කළමණාකරණ ආයතනයේ සභාපති මහාචාර්ය අජන්ත ධර්මසිරි, ජපන් තානාපති කාර්යාල‌යේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කත්සුකී කොටාරෝ යන මහත්ම මහත්මීන් ඇතුලු මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජිනය කරමින් ව්‍යවසායකයින් රැසක් එක්ව සිටියහ.

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website