ඉරිදා, 19 මැයි 2024 11:53

අසමත් බෙහෙත් දුන් අයගෙන් මිලියන 1663ක් අය කර ගෙන නෑ – විගණනයෙන් හෙළිවෙයි Featured

තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් ඉකුත් වර්ෂයේ දී (2023) රුපියල් මිලියන 1663 මුදලක් අදාළ සැපයුම්කරුවන්ගෙන් අයකර ගත යුතු වුවද වෛද්‍ය සැපයුම් අංශය එම මුදල අයකර ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් වෙනුවෙන් සැපයුම්කරුවන්ගෙන් අයකර ගත යුතු මුදල රුපියල් මිලියන 1,406.48 කි. එම මුදල මේ වනතෙක් ඖෂධ නීතිගත සංස්ථාව විසින් අයකර ගෙන නොතිබුණි. ඉන් රුපියල් මිලියන 685.68ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් සම්බන්ධයෙන් නීති ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර රුපියල් මිලියන 165.80ක් වටිනා තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්ගේ උපදෙස් මත ක්‍රියාකිරීම අත්හිටුවා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම වෛද්‍ය සැපයීම් අංශය විසින් සපයාගෙන තිබූ වෛද්‍ය සැපයීම් තත්ත්වයෙන් අසමත් වූ පසු අදාළ සැපයුම්කරුවන්ගෙන් නිසි පරිදි මුදල් අයකර ගෙන නොතිබුණි. එමෙන්ම අයකර ගත යුතු මුදල ගිණුම්ගත කිරීමට ද කටයුතු කර නොතිබූ බව විගණනය මගින් අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

 

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website