ඉරිදා, 26 මැයි 2024 09:10

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් Featured

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක නිරවුල් බිමක පූර්ණ අයිතිය සැමට උරුම කර දීමේ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ කිලිනොච්චි දිස්ත්‍රික් වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ඉරණයිමඩු නෙළුම් පියස ශාලාවේ දී පැවැත්විණි.

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4 ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1700ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ප්‍රදානයට එක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රට සහලින් ස්වයංපෝෂිත කරන වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් අයිතිය ලබාදීමට හැකිවීම රජය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ අලුත් කෘෂිකර්මාන්තයක් රට තුළ නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු වීම එම වැඩසටහන ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට ඉවහල් වනු ඇති බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

මෙම වේදිකාවේදී නර්තනාංග කිහිපයක් ඉදිරිපත් කෙරුණා. එහිදී කිලිනොච්චි දිස්ත්‍රික්කයේ දරුවන්ගේ සුවිශේෂී දක්ෂතා අප දුටුවා. අප ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් උදව් කළයුතුයි. ඒ පිළිබඳ පළාත් සභාවේ සංස්කෘතික අංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඔවුන්ට ආධාර උපකාර කිරීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කිරීමට අපේක්ෂා කරනවා.

ඊයේ (24) සන්ධ්‍යාවේදී මට යාපනයේ තරුණ තරුණියන්ගේ සංගීතයට ඇහුම්කන් දීමට ද අවස්ථාව ලැබුණා. මට එවන් අවස්ථාවක් උදා වුණේ බොහෝ කලකට පසුවයි. ඔවුන්ගේ ඉල්ලීම අනුව තරුණ සේවා සභාවේ දායකත්වය ඇතිව ඉන්දීය නාට්‍ය ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් මෙම ජූලි මාසයේ දී සංදර්ශනයක් පැවැත්වීමට මම පොරොන්දු වුණා. ඔබ සියලුදෙනාට ඒ සඳහා සහභාගිවිය හැකියි.

කිලිනොච්චි ජනතාවට සිනක්කර ඉඩම් ඔප්පු ලබාදීමට අද පියවර ගෙන තිබෙනවා. මෙම ඔප්පු ලබාදීමට පෙර ඒ ඒ පළාත්වල ආණ්ඩුකාරවරුන්ගේ අනුමැතිය ලබා ගැනීමට අප කටයුතු කළා. මෙහිදි නව නීති පැනවීමට මම කටයුතු කළේ නැහැ. සුදු ජාතිකයන් ඉඩම් අත්කරගත් නීතියෙන්ම ජනතාවට ඉඩම් ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. මෙම ඉඩම් අත්කර ගැනීමෙන් පසු සුදු ජාතිකයන් එය ආරක්ෂා කළා. ඒ අයුරින් ඔබත් මෙම ඉඩම් ආරක්ෂා කරගත යුතුයි.

මෙම ඉඩම් හිමිකම මෙහි ජනතාවට ලැබිය යුතු දෙයක් බව මම විශ්වාස කරනවා. අපේ ගොවි ජනතාව රට සහලින් සංවයංපෝෂිත කළා. 2003 වසරේ මම අගමැතිවරයා ලෙස එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා. මෙම වන්නි ප්‍රදේශයේ වගා කටයුතු සිදු කිරීමෙන් රට සහලින් ස්වයංපෝෂිත කළ හැකි බව එදා අප දුටුවා. නමුත් මෙම වන්නි ප්‍රදේශය පැවතුණේ එල්ටීටීඊ ත්‍රස්තවාදින් යටතේයි. අපි සාම ගිවිසුම අත්සන් කර සටන් විරාමයක් ඇති කළ පසු මෙම ප්‍රදේශවල වගා කටයුතු සඳහා පොහොර එවීමට මම එදා තීරණය කළා.

ඒ අයුරින් 2002 වසරේ පොහොර ලබා දීමට කටයුතු කිරීම නිසා, 2003 වසරේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකි වුණා. කිලිනොච්චි – වන්නි ප්‍රදේශය සහ අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්ක මෙරට වී වගාවේ ප්‍රධාන දිස්ත්‍රික්ක ලෙස අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඇතැම් අයට මෙම වැඩසටහන යටතේ තමන්ගේ නිවාස තිබෙන ඉඩම්වල අයිතිය හිමි වෙනවා. තවත් පිරිසකට තමන් වගා කරන ඉඩම්වල අයිතිය හිමි වෙනවා.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන යටතේ අලුත් කෘෂිකර්මයක් රට තුළ නිර්මාණය කිරීමට අප සැලසුම් කර තිබෙනවා. එම වැඩපිළිවෙළ සමඟ මීට වඩා ශක්තිමත් සහ තරගකාරී කෘෂිකර්මාන්තයක් රට තුළ ඇති කළ හැකි බව අප විශ්වාස කරනවා. ලෝකයේ වැඩිවන ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරාලීමට අපත් සුදානම් විය යුතුයි.

මෙම කෘෂිකාර්මික වැඩසටහනේදි වන්නි ප්‍රදේශයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා

N.lk

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website