ඉරිදා, 26 මැයි 2024 09:31

මෙම වසරේ රට බංකොලොත්භාවයෙන් මුදවනවා.. අනතුරුව රැකියා දෙනවා.. Featured

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාව මගින් යාපනය, දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී සංවිධානය කර තිබූ යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුවට එක්වෙමිනි.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website