සදුදා, 27 මැයි 2024 10:23

විදුලි බිද වැටීම් 425,500ක් Featured

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පසුගිය 21 වැනිදා සිට 26 පස්වරු දක්වා විදුලි බිද වැටීම් 467500 ක් වාර්තා වී ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

විදුලි බිද වැටීම් 425500ක් අධික ප්‍රමාණයක් අද පස්වරු 02.00 යථා තත්වයට පත්කර තිබේ.

මේ අතර එම කාලය තුළ විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් පැමිණිලි 61000ක් ලැබි තිබේ.

 පැමිණිලි 26700 අදාළව විදුලි සැපයුම යථා තත්වයට පත්කර ඇතිබව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

 පවතින අයහපත් කාලගුණ තත්වය බිද වැටුණු විදුලි සැපයුම් යථා තත්වයට පත්කිරීමට බාධා වී තිබේ.

 විදුලි බල මණ්ඩලයේ සියලු සේවකයන් විදුලි සැපයුම් යතා තත්වයට පත්කිරීමේ කටයුතු වල අඛණ්ඩව යෙදී සිටියි.

 විදුලි සැපයුම් යථා තත්වයට පත්කිරීම සඳහා අතිරේක කණ්ඩායම් යොදවා තිබේ.

 විදුලි බිද වැටීම් සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ 1987 ක්ෂනික දුරකථන අංකයට පැමිණිලි කල හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website