අඟහරුවාදා, 28 මැයි 2024 11:07

ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ගැන මහබැංකුව ගත් නවතම තීරණය Featured

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හෙවත් එස් ඩී එෆ් ආර් 8.50% ක් ලෙස පෙර පැවති මට්ටමෙන්ම පවත්වාගෙන යාමට තීරණය කර ඇත.

නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හෙවත් එස් එල් එෆ් ආර් දැනට පවතින 9.50 % ලෙස පවත්වාගෙන යාමටයි තීරණය කර ඇත.

උද්ධමනය සියයට පහක මට්ටමේ පවත්වාගෙන යාමේ අරමුණෙන් මෙම තීරණය ගත් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි

DMN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website