අඟහරුවාදා, 28 මැයි 2024 11:09

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි වගා ගම්මානයේ පැළ රෝපණය අවසන් Featured

නුවරඑළියේ ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය ස්ට්‍රෝබෙරි වගාවේ පැළ රෝපණ කටයුතු මේ වන විට අවසන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ගම්මාන හතරක් පදනම් කර ගනිමින් ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.

රුපියල් මිලියන 20ක වියදමින් ගොවීන් 50ක් යොදා ගනිමින් ආරක්ෂිත ගෘහ 42ක් තුළ මෙම ස්ට්‍රෝබෙරි වගාව ආරම්භ කර ඇත.

අපනයනය කළ හැකි සෑම පලතුරු හා එළවළු වගාවක් සඳහා ම ආදර්ශ ගම්මානයක් බැගින් පිහිටුවීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් දී ඇති උපදෙස් පරිදි මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගා ගම්මානය ස්ථාපිත කරනු ලැබීය.

මෙම ස්ට්‍රෝබෙරි වගාව සඳහා ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ආනයනය කරන ලද ස්ට්‍රෝබෙරි පැළ ගොවීන් අතර බෙදා දීමට පියවර ගත් අතර ඒ අනුව ආරක්ෂිත ගෘහ තුළ පැළ රෝපණ කටයුතු මේ වනවිට මුළුමනින්ම අවසන් කර ඇතැයි ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ඒ.එම්.එච්. එල්. අබේරත්න මහතා පැවසීය.

නව කෘෂි තාක්ෂණය ගොවි ජනතාවට හඳුන්වා දීම සදහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර ඇති වැඩ පිළිවෙළ යටතේ සියයට 25ක සහන පදනමක් යටතේ මෙම ආරක්ෂිත ගෘහ ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

ඒ සඳහා මෙම වසර තුළ රුපියල් මිලියන 320ක මුදලක් රජය විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇත.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website