බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 13:58

තායිලන්තයට Free Visa Featured

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් ඇතුළු සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්‍රවර්ධනයන් අනුමත කර තිබේ.

එම වැඩපිළිවෙළේ කොටසක් ලෙස, ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට ඇතුළුවීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර දින 60ක් දක්වා රැඳී සිටිය හැකිය.

බැංකොක් පෝස්ට් පුවත්පතට අනුව, අන්තර්ජාතික සංචාරකයන් සඳහා තායිලන්තයේ ආකර්ෂණය වැඩි දියුණු කිරීමේ උත්සාහයේ කොටසක් වන මෙම පියවර 2024 ජූනි 1 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත.

හැකි තරම් සංචාරකයන් ආකර්ෂණය කරගැනීම සඳහා එරට විදේශ අමාත්‍යාංශය මෙම පියවර යෝජනා කළ බව රජයේ ප්‍රකාශක චයි වචරොන්කේ සඳහන් කර තිබේ.

තායිලන්ත ආර්ථික වර්ධනය සඳහා මෙම වසරේ සංචාරකයින් මිලියන 36කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගනිමින්, තායිලන්තය දැනටමත් මැයි 26වැනිදා වන විට මිලියන 14.32කට අධික විදේශීය සංචාරකයින් පිරිසක් පිළිගෙන ඇති අතර, එමගින් THB බිලියන 682.9ක් (අමෙරිකා ඩොලර් බිලියන 18කට වඩා) උපයා ඇත.

මෙම වෙනස්කම් සමඟ, වීසා රහිත ඇතුළුවීමට සුදුසුකම් ලබන රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙම වැඩපිළිවෙල සදහා අලුතින් එකතු කරන ලද රටවලට ශ්‍රී ලංකාව, ලාඕසය, ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, කසකස්තානය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව, රුමේනියාව, උස්බෙකිස්තානය, ඇතුළු රටවල් 36ක් ඇතුළත් වේ.

තවද, විදේශීය උපාධිධාරීන්ට තම අධ්‍යයන කටයුතු අවසන් කර වසරක් මුළුල්ලේම රට තුළ රැඳී සිටිය හැකි අතර, එය පෙර පැවති ක්ෂණික පිටත්වීමේ අවශ්‍යතාවයට වඩා සැලකිය යුතු දිගුවකි.

DN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website