බ්‍රහස්පතින්දා, 30 මැයි 2024 14:21

යල කන්නයට හෙක්ටයාර් එකකට රු. 15000ක් දෙන්න කැබිනට් පත්‍රිකාවක් Featured

2024 යල කන්නයේ වී වගා කටයුතු කිරීමේ දී ගොවි ජනතාවට ලබාදෙන වගා සහනාධාර වශයෙන් මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවි ගිණුම්වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ගොවීන් 213,771ක් සඳහා රුපියල් බිලියන 2.5කට අධික මුදලක් මේ වනවිට ගොවි ගිණුම් ගතකර ඇතැයි සඳහන් කරයි. වගා සහනාධාර ලබා දී ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 167,362කි.

මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් 450,000ක් පමණ වී වගා කෙරේ යැයි අපේක්ෂා කරන අතර සියලුම වගා කරන කුඹුරු සඳහා ලබාදෙන මුල්‍යමය සහනාධාරය රුපියල් බිලියන 7.5ක් පමණ වනු ඇතැයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

2024 යල කන්නයේ වී වගා කරන සෑම ගොවියෙකුටම හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් බැගින් ලබාදීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළ බවත් ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

උපාලි ද සේරම්

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website