සිකුරාදා, 31 මැයි 2024 10:32

බිත්තර කෑම ඉහළ ගිහිල්ලා Featured

මෙරට දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අප රටේදෛනිකව කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 07ක් වූ අතර පසුගිය මාස කිහිපය තුළ එම ප්‍රමාණය බිත්තර මිලියන 08 ඉක්මවා ඇතැයි එම දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි .

සංචාරක කර්මාන්තය වර්ධනය වීමෙන් මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම, පසුගිය කාලය තුළ විවිධ හේතුන් නිසා මස් හා මාළු මිල ගණන් වරින්වර ඉහළ යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂ්‍ය ගුණයක් සහිත ආහාරය බිත්තර ලෙස පසුගිය කාලය තුළ මහජනතාව දැනුම්වත් වීම ,කුකුළු බිත්තර පරිභෝජනය ඉහළ යාමට හේතු වී තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා , සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දීමෙම කරුණු අනාවරණය විණී.
කෙසේ වුවද බිත්තර, කිරි හා මස් පරිභෝජන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කාලයකින් නිසි තොරතුරු සමීක්ෂණයක් කර නැති නිසා ඒ පිළිබඳව පාරිභෝගික සමීක්ෂණයක් සිදු කරන ලෙස ඇමැති අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම දැනට මාසිකව කුකුළු බිත්තර මිලියන 15ක් පමණ අපනයනය කරන බැවින් එම ප්‍රමාණය කිසිසේත්ම අඩු නොකරන ලෙසත්, බිත්තර අපනයනය කිරීම මගින් විදේශීය වෙළෙඳපොළ තුළ අප රටට හිමි ස්ථානය අහිමි කර ගැනීමට පියවර නොගන්නා ලෙසත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

බුද්ධිකා ඉඹුලාන

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website