ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ දායකත්වය ලබාගන්නා බව පෙන්වාදෙන ඒ මහතා ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ පාර්ශ්වයන් වෙත උපදෙස් දී ඇත.
මේ සම්බන්ධ පූර්ණ සැලැස්මක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන අතර රටේ උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනම් සහන සැලසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත වහාම නිකුත් කරන ලෙසද ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දෙන ලදී.
මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බලපෑමට ලක්ව ඇති සියලු ප්‍රදේශීය ලේකම් කාර්යාලවල අත්‍යාවශ්‍ය නිලධාරීන් සහ ග්‍රාමසේවා නිලධාරීන් ප්‍රමුඛ ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන් විපතට පත්වූවන්ට සියලු සහන සැලසීම සඳහා කටයුතු කර තිබේ.
මෙම රැස්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහත්වරු සහභාගී වූ අතර අධි බලපෑම් සහිත දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරු විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය.
මහින්ද අලුත්ගෙදර