සිකුරාදා, 07 ජූනි 2024 09:01

තහනම තිබියදීත් වාහන 45000ක් වෙළෙඳපොළට ඇවිත් Featured

දේශීය වාහන නිෂ්පාදනයටත් සහාය

ආනයනය තහනම් කළ කාලය තුළදීත් වාහන 44,430ක් වෙළෙඳපොළට පැමිණ ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

ඒ අතර යතුරුපැදි 38,144ක් සහ කාර් රථ 6,286ක් තිබෙන බව ඇමැතිවරයා කීය. ආනයන සීමා ඉවත් කිරීම ගැන වාහන එකලස් කරන්නන් සහ මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා අතර පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

රථ වාහන ආනයන සඳහා සීමා පනවා තිබුණ ද කොටස් එකලස් කර අලෙවි කිරීම මේ වන විටත් සිදු වෙමින් පවතී. මෙම සාකච්ඡාව සඳහා දේශීය වශයෙන් රථ වාහන නිෂ්පාදනය කරන සමාගම් රැසක නියෝජිතයන් එක්ව සිටි අතර රථ වාහන ආනයන සඳහා අවසර ලබා දීම පිළිබඳ එහිදී ගැඹුරින් සාකච්ඡා කෙරිණි.

ඔවුන් සඳහන් කළේ ආනයන සීමා ඉවත් කිරීමේදී සිය දේශීය එකලස් කිරීමේ ව්‍යාපාර පිළිබඳව ද අවධානය යොමු කරන ලෙසයි. ශ්‍රී ලංකාව තුළ රථ වාහන නිෂ්පාදනය සඳහා මෙම ආනයන සීමා පැනවීම යම් උත්තේජනයක් වී ඇතැයි පැවැසූ ඔවුන් කියා සිටියේ රටක් වාහන නිෂ්පාදනය ආරම්භ කිරීම යනු දිගුකාලීන ක්‍රියාවලියක් බවයි.

DMN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website