ඉරිදා, 09 ජූනි 2024 10:30

ඩීසල් මිල දෙපාරක් අඩුවුවත් බස් ගාස්තු ‘නෝ හෙල්ලුම්’ Featured

මාස දෙකකදී ඩීසල් මිල රුපියල් 46කින් පහළ දැමුවද ඊට සාපේක්‍ෂව බස් රථ සහ පාසල් වෑන් රථ ගාස්තු පහළ දැමීමට කටයුතු නොකිරීම ගැන මගී ජනතාව දැඩි විරෝධය පළ කර සිටිති.

බස් රථ ගාස්තු තීරණය කිරීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව සතු වුවද ඔවුන් මේ වනවිට බස් සංගම්වල රූකඩයක් බවට පත්ව සිටින බවද මඟී ජනතාව පවසති.

බස් සංගම්වලට සහ පාසල් බස් රථ සංගම්වලට අවශ්‍ය ආකාරයට බස් රථ, පාසල් වෑන් රථ, ගාස්තු ඉහළ පහළ දැමීමට ඉඩ හැරීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවද මඟී ජනතාව පවසයි.

ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා ඩීසල් මිල රුපියල් 30කින් පහළ ගිය අතර මැයි මස 31 වැනිදා නැවත ඩීසල් මිල රුපියල් 16කින් පහළ ගොස් තිබිණි.

හේමන්ත රන්දුණු

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website