×

පණිවුඩය

The previous listing was the first listing in the category. There are no listings before the previous listing. Click the back button in your browser to return to it, or browse another listing below.

ඉරිදා, 09 ජූනි 2024 10:35

වාහන ආනයන අරඹයි.. සැලසුම මෙන්න… Featured

ඉදිරි ඔක්තෝබර් මාසයේ සිට මෙරටට වාහන ආනයනය ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අදියර කිහිපයක් යටතේ එම අවසරය ලබාදෙන බවත් ඒ අනුව අතර ඔක්තෝබර් මාසයේ සිට කාර්මික හා බර වාහන ආනයනය ආරම්භ කිරීම සිදුකරයි.

 අනතුරුව දෙවන අදියරේදී ත්‍රී රෝද රථ හා යතුරුපැදි ආනයනය සිදුකිරීමට නියමිතව තිබේ.

 තුන්වන පියවර ලෙස කුඩා මෝටර් රථ නිශ්චිත පරාසයක් යටතේ ආනයනය කරන බවත් පවසන අමාත්‍යවරයා සුඛෝපභෝගී වාහන සිව්වන අදියරේදී එනම් 2025 වසරේ දී ආනයනය කරන බවත් සඳහන් කර ඇත.

 විදුලි වාහන ආනයනයට ප්‍රමුඛතාවය ලබාදීම රජය ප්‍රමුඛත්වය වනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.

 මෙවර ආනයනය කරනු ලබන්නේ නවතම වාහන හෝ වසර දෙකක් පමණක් පැරැණි වාහන බවද සදහන්ය.

CN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website