බදාදා, 12 ජූනි 2024 09:56

මේ දිනවල කුකුළු මස් කන්න එපා Featured

මේ දිනවල වෙළෙඳපොළෙන් කුකුළු මස් මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.

අධික වර්ෂාවත් සමග ජල ගැලීම තත්ත්වය හමුවේ ගංවතුරට හසුවී මිය ගිය කුකුළන් වෙළෙඳපොළ තුළ විකිණීම් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා‘දිවයින’ට පැවසීය.

එවැනි කුකුළු මස් පරිභෝජනය ශරීරයට අහිතකර බැවින්, ඒ ගැන වැඩි අවධානයක් යොමුකළයුතු බවත්, ඒ සම්බන්ධයෙන් තොරතුරු වේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977ට දැනුම් දෙන ලෙස එම අධිකාරිය ජනතාව ගෙන් ඉල්ලා සිටියි.


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website