සිකුරාදා, 14 ජූනි 2024 11:51

සියලු මුදල් හුවමාරු මධ්‍යස්ථාන මහ බැංකුවේ ලියාපදිංචිය අනිවාර්ය කරති Featured

සියලුම මුදල් හුවමාරු මධ්‍යස්ථානවලට මහ බැංකුවේ ලියාපදිංචි වීම සහ අධීක්‍ෂණය අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කළේය.

2024 ජුනි 03 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි මේ නියෝග බලපැවැත්වෙන බව මහ බැංකුව කියයි.

මෙමගින් දැනට ලියාපදිංචි නොකළ හෝ බලපත්‍ර නොමැති මෙකී සේවා සපයන්නන් හට ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු විධිමත් කිරීමටත්, විධිමත් මාර්ග හරහා මුදල් පැවරීමේ සේවා ව්‍යාපාරයේ නිරත වීමටත් අවස්ථාව සැලසෙන බවද මහ බැංකුව සඳහන් කරයි.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් 2005 අංක 28 දරන ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනතේ විධිවිධාන යටතේ 2024 අප්‍රේල් 20 දිනැති 2024 අංක 01 දරන මුදල් හෝ වටිනාකම් පැවරීමේ සේවා සපයන්නන් සඳහා වන නියෝග නිකුත් කළ බවද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website