සිකුරාදා, 14 ජූනි 2024 11:57

ශ‍්‍රී ලංකාවේ වාහන ආනයන සීමා හෙට සිට අවසන්..- IMF Featured

ශ්‍රී ලංකා රජය විසින් මෙතෙක් පවත්වාගෙන ආ වාහන ආනයන සීමාවන් හෙට දිනයෙන් අවසන් වනු ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.

ඒ අනුව වාණිජ වාහන වලින් සාමාන්‍ය පරිදා ආනයනය ආරම්භ කර සියලු වාහන ආනයන සීමාවන් 2025 වසරේදී අවසන් වන පරිදි එම ආනයන සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.

 ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත්කළ එම අරමුදලේ මෙරට ප්‍රධානී පීටර් බෲවර් මේ බව සඳහන් කළේය.

 මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉදිරියටත් කරගෙන යාමට ප්‍රමාණවත් ප්‍රගතියක් ඇති බවද පැවසූ ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් අවධානම තත්ත්වය පවතින නිසා ආර්ථික ප්‍රතිසංස්කරණ වල ගම්‍යතාවය තවදුරටත් පවත්වාගෙන යා යුතුව ඇතැයිද පැවසුවේය.

 ශ‍්‍රී ලංකාවේ මැතිවරණ පැවැත්වීම පිළිබඳව මුල්‍ය අරමුදලට ගැටළුවක් නැතත් මැතිවරණ මුල්‍ය අරමුදලේ වැඩසටහනේ කාලය කෙරෙහි එය බලපාන බවත් මැතිවරණයක් පැවැත්වෙන්නේ නම් බලධාරීන් සමග සාකච්ඡා කර යළි වැඩසටහනට අදාළ කාල රාමුවක් සකස් කර ගැනීමට සිදුවන බවත් හෙතෙම පැවසුවේය.

CN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website