ඉරිදා, 16 ජූනි 2024 09:23

රුමේනියා රැකියා පෙන්නා මුදල් ගැරූ ජාවාරමක තොරතුරු එළියට…. Featured

රුමේනියාවේ රැකියා ලබා දෙන පවසා මුදල් වංචා කර මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළිදරව් වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මාතර ප්‍රදේශයේ ආයතන පිහිටුවා එම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ.

 එය පවත්වාගෙන ගිය සැකකරු අත්තඩංගුවට ගෙන තබේ.

 රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගෙන තිබේ.

 රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 130 අධික මුදල් ප්‍රමාණයක් වංචා කර ඇතිබව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් පැමිණිලි 53ක් එම කාර්‍යංශයට ලැබී තිබේ.

 එම රැකියා නියෝජිත ආයතනය මීට පෙර කාර්‍යංශයේ ලියාපදිංචිව සිට ඇති අතර එහි රැකියා බල පත්‍රයේ වලංගු කාලය පෙබරවාරි 29 වැනිදායින් අවසන් වී තිබේ.

 අත්තඩංගුවට ගත් සැකකරු මාතර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කලේය.

 විදෙස් ගතවීමද තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website