ඉරිදා, 16 ජූනි 2024 09:17

ෆයිසර් පාඩුව බිලියන 1.4ක් Featured

කොවිඩ් වසංගත සමයේ මෙරටට ගෙන්වනු ලැබූ ‘ෆයිසර්’ එන්නත් ලක්ෂ 75ක තොගයක් කල්ඉකුත්වීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 1.4ක පාඩුවක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

එම එන්නත් තොගය නිසි කළමනාකරණයකින් තොරව සහ සීමාව ඉක්මවා මිලදී ගැනීමට පියවර ගෙන තිබීම හේතුවෙන් මෙලෙස මහජන මුදල් අවභාවිතයක් සිදුව ඇතැයි ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතාගේ පාලන සමයේදී රාජ්‍ය ඖෂධ සංස්ථාව මෙම එන්නත් තොග ගෙන්වීමට ක්‍රියා කර ඇත්තේ එවකට මෙරටට නොමිලේ ලැබෙමින් පැවති එන්නත් තොග සම්බන්ධයෙන් අවධානය යොමු නොකර බව ද හෙළිව ඇත.

අදාළ ‘ෆයිසර්’ එන්නත් තොගයෙන් එන්නත් ලක්ෂ හැත්තෑපහක ප්‍රමාණයක් විනාශ කිරීමට වසංගත රෝග විද්‍යා අංශය පසුගියදා කටයුතු කර තිබිණි.

සුජීව තත්සර

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website