×

පණිවුඩය

කරුණාකර පලමුව පුරනයවන්න

සෙනසුරාදා, 15 ජූනි 2024 10:48

වාහන ආනයන යෝජනා IMF වෙත Featured

මෙරට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන සැලසුමක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඒ අනුව වාහන ආනයන සීමා ලිහිල් කිරීම, වාහන කාණ්ඩ කිහිපයක් යටතේ මේ වසරේ (2024) තෙවන සහ සිව්වන කාර්තුවලදී සිදු කිරීමට යෝජිතය.

2024 වසරේ තුන්වන කාර්තුවේදී පොදු ප්‍රවාහන සේවා සඳහා වන වාහන ලිහිල් කිරීමටත්, මෙම වසරේ සිව්වන කාර්තුවේදී වාණිජ අවශ්‍යතා වන වාහන සහ සෙසු කාණ්ඩයන්ට අයත් වාහන ආනයන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් වන රජයේ යෝජනා, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත එලෙස යොමුකර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ වාහන ආනයනය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීම, මෙරට විදේශ සංචිත වර්ධනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පදනම් කරගනිමින් යෝජනා කර ඇති බවය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website