සිකුරාදා, 05 ජූලි 2024 10:02

ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණ­යට ස්වෛරීත්ව බැඳු­ම්කර හිමි­යෝත් එකඟ වෙති Featured

සවි­මත් ආර්ථි­ක­යක් සහිත රටක් බවට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මඟට ශක්ති­යක් වෙමින් ජාත්‍ය­න්තර ස්වෛරීත්ව බැඳු­ම්කර හිමි­යන්ගේ කමි­ටුව ද ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණ­යට එක­ඟ­ත්වය පළ කර තිබේ.

ඒ අනුව ණය තිර­ස­ර­භා­වය ඇති කිරීමේ තවත් පිය­ව­රක් සම්පූර්ණ කර­මින් ජාත්‍ය­න්තර ස්වෛරීත්ව බැඳු­ම්කර හිමි­යන්ගේ කමි­ටුව සමඟ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය පිළි­බඳ අව­සන් එක­ඟ­තා­වට පැමිණි බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේම­සිංහ ප්‍රකාශ කරයි.

අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 37ක් වන මුළු විදේශ ණය ප්‍රමා­ණ­යෙන් ඩොලර් බිලි­යන 12.5කට අදාළ ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණය සිදු­වී­මට නිය­මි­තව තිබෙන බව පෙන්වා­දෙන ඇමැ­ති­ව­රයා මෙම එක­ඟ­තා­වන් තිර­සාර ඉල­ක්ක­ව­ලට අනු­කූල වීම තක්සේරු කිරීම සඳහා නිල ණය­හිමි කමි­ටුවේ සහ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ අනු­මැ­තිය අවශ්‍ය බව ද පෙන්වා දෙයි.

ගෝලීය වශ­යෙන් පිළි­ගත් ප්‍රති­සං­ස්ක­ර­ණ­යන් ක්‍රියා­ත්මක කිරී­මට ශ්‍රී ලංකාව ගත් පිය­වර හේතු­වෙන් මෙම එක­ඟ­තා­වන් ඇති වූ බව ද ශෙහාන් සේම­සිංහ මහතා පව­සයි.

වස­ර­කට වැඩි කාල­යක් පැවැති සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව මෙම එක­ඟ­තා­වට පැමිණ තිබෙන අතර ඒ අනුව ජාත්‍ය­න්තර බැඳු­ම්ක­ර­වල සිය­යට 28ක නාමික අඩු කිරී­ම­කට ණය හිමි­යන් එකඟ වී ඇත. ජාත්‍ය­න්තර බැඳු­ම්කර ප්‍රති­ව්‍යූ­හ­ගත කිරීම ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල මඟින් ශ්‍රී ලංකා­වට ලබා දී ඇති ප්‍රධාන කොන්දේ­සි­යක් වන අතර ශ්‍රී ලංකාව ද්වීපා­ර්ශ්වීය ණය හිමි­යන් සමඟ ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­රණ ක්‍රියා­ව­ලිය සඳහා මේ වන විටත් ගිවි­සුම් අත්සන් කර තිබේ. මේ අතර 2024 විම­ධ්‍ය­ගත අය-වැය වැඩ­ස­ට­හන යටතේ අනු­මත කරන ලද සියලු ව්‍යාපෘති අගෝස්තු 31 වැනි දිනට පෙර අව­සන් කළ යුතු බව ද මුදල් අමා­ත්‍යාං­ශය කියයි.

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website