සදුදා, 15 ජූලි 2024 09:58

ජනපති ශිෂ්‍යත්ව 116,000 කට මිලියන 3,600ක් වෙන් කරයි Featured

පිරිවෙන් හා උ.පෙළ තොරතුරු තාක්ෂණ ශිෂ්‍යත්ව සඳහා මිලියන 5,000ක්

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ‘ජනාධිපති ශිෂ්‍යත්ව 2024’ වැඩසටහන යටතේ 2024 වර්ෂය සඳහා ශිෂ්‍යත්ව 116, 000ක් පිරිනැමීමට නියමිතව ඇත. අ.පො.ස උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 6000ක් වෙනුවෙන් මාසයකට රුපියල් 6000/- බැගින් මාස 24 ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 824ක් වෙන් කර තිබෙන අතර 1 ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් 100, 000ක් වෙනුවෙන් මසකට රුපියල් 3000/- බැගින් මාස 12ක කාලයක් සඳහා ලබා දෙනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 3600කි.

පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා, සීල මාතාවන් හා ගිහි ශිෂ්‍යයන් වෙනුවෙන් පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 288ක් ද, අ.පො.ස උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ ජනාධිපති අරමුදල ඒකාබද්ධව පිරිනමනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා රුපියල් මිලියන 720ක් ද වෙන් කර තිබේ.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා රුපියල් මිලියන 5000කට අධික මුදලක් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ලබා දීමට නියමිතව ඇත.

පාසල් මට්ටමින් මෙම ශිෂ්‍යත්ව ලබාදීම සඳහා තෝරාගෙන ඇති සියලු සිසුන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට ජනාධිපති අරමුදල විසින් කටයුතු සිදු කරනු ඇත. සෑම පාසලකටම එම පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන යම් ශිෂ්‍යත්ව ප්‍රමාණයක් හිමි වන අතර එම ශිෂ්‍ය සංඛ්‍යාවන් පිළිබඳ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විස්තර ලබා ගත හැකි අතර මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලීම් කර නොමැති පාසල් ලැයිස්තුවද කලාප අධ්‍යාපන කාර්යාල වෙත ලබා දී ඇත. එබැවින් යම් පාසලක් මෙතෙක් ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කර නොමැති නම් කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම් සිදු කරන ලෙස ජනාධිපති අරමුදල ඉල්ලා සිටියි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ඉහත ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකට අමතරව පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව 5000ක් පිරිනැමීමේ ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඉදිරි දිනවලදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

DMN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website