එක්සත් ජනරජ පෙරමුණේ මැද කොළඹ, ගුණසිංහපුර, ඩයස් පෙදෙස පැවැති ජන හමුවක දී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා;
“අපි විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මේ කලාපය මෙච්චර ජනාකීර්ණ කලාපයක් නොවුනත් ඉස්සර උද්ඝෝෂණ වලට නිතරම පිටකොටුවේ එනවා. ඒ පිටකොටුවේ ආවහම මේ ඩයස් පෙදෙසෙන් තමයි අපිට ප්‍රතිප්‍රහාරය දෙන්නේ. ඇවිල්ලා ප්‍රේමදාස මහත්මයාගේ හිතවත්තු, ගෝලබාලයෝ ඇවිල්ලා පොලිසිය එන්න කලින් අපේ උද්ඝෝෂණ විසුරුවා හරිනවා. පසු කාලයේ අපේ ළඟ හිතවතෙක් වෙච්ච අපේ යූ. එල්. සෙනෙවිරත්න මහත්තයා, ඒ කට්ටිය තමයි ඒ කාලේ ඒවට නායකත්වය දෙන්නේ. ඊට පස්සේ මේ කලාපයේ ලොකු වෙනසක් ඇති වුණා. මොකද අද හුඟාක් දෙනෙක් කතා කරනවා මේ වෙඩි තැබීම් ගැන. පාතාල ලෝක ගැන. නමුත් මේ ලංකාවේ ඉතිහාසය අපි අරගෙන බැලුවහම මේවා අරුම පුදුම සිද්ධි නෙමෙයි. හැම කාලෙම මේ සිද්ධි සිද්ධ වුණා. එදා නීතිය අතට අරගෙන යම් යම් පිරිස් වලට පහර දුන්නා. පැහැර ගත්තා. ඝාතනය කළා. ඒ වගේම මේ නීතිය සාමයට පිටතින් සන්නද්ධ කල්ලි බිහිවුණා. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණට අයත් සන්නද්ධ කල්ලි විසින් මේ මැද කොළඹ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලය රැස් උනහම වෙඩි තිබ්බා. වෙඩි තියලා විශාල පිරිසක් ඝාතනය කළා. තව පිරිසක් එතනම අතපය කඩාගෙන ඒ උඩ තට්ටුවෙන් පහළට වැටිලා එහෙම කෙළවර වුණා. එදා ඒවා මෙහෙයුවේ ඒ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ නායකයෝ. ඒ වගේම ඒ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් පැහැරගෙන යන්න තවත් කල්ලි කණ්ඩායම් බිහිවුණා. ඔය වගේ මේ රට එහෙම ලේ විලක් මැදින් ගිහිල්ලා තියෙන්නේ. අවාසනාවකට තාම ඒ තත්වය නිම වෙලා නෑ. පාතාල ලෝකයක් තියෙනවා. ඒ වගේම පොලීසියේ යුක්තිය මෙහෙයුම කියලා එකක් ගියා. කිව්වේ නම් පාතාලේ නවත්තනවා කියලා. මේ පාතාල ලෝකෙට සමාවක් නෑ කියලා ලොකු වාගාඩම්බර පොලිස් ඇමතිගෙන්, පොලිස්පතිගෙන් එහෙම අපිට ඇහුණා. ඇහුණාට අද අපිට පේනවා ඔක්කොම ඒ පොලිස්පතිකම ගන්න, ඇමතිකම රැකගන්න කරපු දෙයක් මිසක් ඇත්තටම මේ කලාපයේ මත්ද්‍රව්‍ය නැවතිලාත් නැහැ. පාතාල ලෝකේ නැවතිලාත් නැහැ කියලා. ඉතින් මේ ප්‍රශ්නවලින් කොළඹ හැමදාම බැට කනවා.
මේ කොළඹ මෙතනින් මුදාගන්න අපි පියවරෙන් පියවර වැඩ කළා. මොකද මේ කොළඹට මතුපිට සංවර්ධනය හුඟාක් දෙනෙක් ගෙනාවා. ගෙවල් හදලා දුන්නා, පාරවල්වල ගල් ඇල්ලුවා. ඒ වගේම ගස් හිටෙව්වා. කොළඹ එක කලාපයේ ඒ වගේ කටයුතු කරගෙන ගියා. හැබැයි අපේ කසළ ප්‍රශ්නය හැමදාම අපිට තිබුණා. මට්ටක්කුලියේ කුණු කන්දක් තිබුණා, බ්ලූමැන්ඩල් වල කුණු කන්දක් තිබුණා. ඊට පස්සේ ඒක කොලොන්නාව ප්‍රදේශයට, මීතොටමුල්ල ප්‍රදේශයට ගියා. ඒ කුණු කන්ද කඩා වැටිලා, යට වෙලා තිස්තුන් දෙනෙක් මැරුණා. කොළඹ මහ නගර සභාවේ, නාගරික කොමසාරිස්ලා ඇතුළු පිරිසකට, අපරාධ පනත යටතේ නඩු දාන්න කියලා ඒ නානායක්කාර කොමිසමෙන් කිව්වා. කිසිම කෙනෙකු ඒ පිළිබඳව අඩුගානේ පොලිස් පැමිණිල්ලක්වත් ලිව්වේ නෑ. 33 දෙනෙක් මිය ගියාම ඒ කුණු කන්ද කඩා වැටිලා. ඒ කුණු කන්ද කඩා වැටිච්ච වෙලාවේ අද ඔය ගොඩාක් ඇවිල්ලා කතා පවත්වන අය ජාතිය, ආගම පෙන්නලා හරි, වෙන විදිහකට හරි යන්න. කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ ඒ කුණු කන්ද පාලනය කරන්න. ඊළඟට කොළඹ කුණු ටික ගෙනියගන්න බැරුව 2017 අප්‍රේල් මාසේ මේ ඔක්කොම කුණු එන්න ගත්තා. කොවිඩ් එක ගැන හැමෝම දන්නවා. හැබැයි ඒ වෙලාවේ ඩෙංගු වලින් හාරසීයකට අධික ඉතින් ඒ අවස්ථාවේදී අපි මේ කොළඹ නගර සභාවේ පාලනය අතට භාර දුන්නා. මට සිරිසේන ජනාධිපතිතුමා අපි සති දෙකෙන් කොළඹ නගරයේ කසළ ප්‍රශ්නය විසඳුවා. අද කොළඹ නගරයේ කුණු වලින් විදුලිය නිපදවෙනවා. විදුලිය නිපදවෙලා කොළඹටම එනවා. ඒක නිසා අද ප්‍රශ්නයකින් තොරව කොළඹ යනවා. හැබැයි, අද ඒ විදුලිය නිපදවුනාට පස්සේ, එතන ගොඩගැහෙන අළු ගොඩ මහ කන්දක් වෙලා තියෙනවා. ඒක ගෙනිහින් දාන්න අපි, පුත්තලමේ ඒ කසල රඳවනයක්, විද්‍යාත්මක කසල රඳවනයක්. ඒක 2019 ඉඳන් අවුරුදු පහකට කලින් ක්‍රියාත්මක කරන්න පුළුවන්කම තිබුණා. අද මේ වෙනකන් මුකුත් කරලා නෑ. පහුගිය අවුරුදු පහේදී කිසිදෙයක් සිද්ධවෙලා නෑ.
කොළඹ නගරයේ පනස්දාහක් විතර ඉන්න, පැල්පත්වාසී කියලා අඳුනගත්ත ඒ දුගී දුප්පත් ජනතාවට, ඒ ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳන්න වැඩපිළිවෙලක් තිබුනේ නෑ. අපි දියත් කළා. දියත් කරලා අපිට පුළුවන් වුණා ඒ ප්‍රමාණය විසිදාහ දක්වා අඩු කරන්න. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? විශාල පිරිසක් ඒ නිවාස ලබාදීපු අය, ඒ නිවාස කාට කාටහරි පවරලා ආයි ගිහිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නය ආයේ මුල ඉඳන් පටන් ගන්න තත්වෙට පත්වෙලා තියෙනවා. ඒ වගේම අපි ඒ අයට නිවසක් සමඟ ජීවිතයක් කියලා එදා. පාසල් යන්න දරුවන්ට, මත්ද්‍රව්‍ය වලින් මුදාගන්න. විශාල වැඩපිළිවෙළක් දියත් කළා. ඇත්තටම අපිට තව අවුරුදු තුනක් තිබුණා නම්, මේ කොළඹ නගරයේ විශේෂයෙන්ම උතුරු කොළඹ හා මැද කොළඹ මේ පැල්පත් ඉතුරු වෙන්නේ නෑ. හැම කෙනාටම වැදගත් නිවාසයක්, වැදගත් ජීවිතයක් ලැබෙනවා. හැබැයි අපි අවබෝධ කරගත්ත දෙයක් තියෙනවා, ගෙවල් දුන්නු පමණින්, ආදායමක් නැත්නම්, මේ කොළඹ නගරයේ මිනිස්සුන්ට පැවැත්මක් නැහැ. අද එහෙමත් නැත්නම් මේ නගරයේ ඉන්න බැහැනේ. ඉතින් ඒ හැමදාම පේමන්ට් රස්සාව කරන්න බැහැ. හැමදාම වරායෙන් බඩු පන්නගෙන වැඩ කරන්න බැහැ. නේද? හැමදාම පාරේ ඇඟ විකුණන්න බැහැ. මෙතනට අවශ්‍ය උගත්කමයි රැකියාවයි. ඒ සඳහා රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් මේ කොළඹ නගරයට අත්‍යවශ්‍යයි ඒ දරුවන්ට.
මැනිං වෙළඳපොළ අපි අරන් ගියා පෑලියගොඩට. මෙතන අපි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කරන්න කල්පනා කළා. දුම්රිය, බස්රිය, ටැක්සිය මේ ඔක්කොම එන කඩ සාප්පු එක දාහකට අධික ප්‍රමාණයක් එතන ඇති කරන්න. අලුත් රැකියා අවස්ථා ඇති කරන්න. වරාය නගරයේ විතරක් අසූ දාහකට අලුතෙන් රස්සා දෙන්න. අද වරාය නගරයේ තැඹිලි විකුණනවා. අයිස් ක්‍රීම් විකුණනවා. නමුත් අපි එදා සැලසුම් කළේ කොළඹ නගරයේ තරුණ තරුණියන්ට අධ්‍යාපනයක්, විධිමත් වෘත්තීය පුහුණුවක් ලබා දීලා වරාය නගරයේ ඒ අය රැකියා කරන තැනට පත් කරන්න. මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය රැකියා කරන තැනට පත් කරන්න. එහෙම වුණා නම් මේ නගරය දාලා යන්නේ නැහැ කවුරුවත්. හැමෝම බලන්නේ කොළඹ උඩින් පිරිසිදු කරන්න. කුණු අතුගාන්න, ගේන්න. හැබැයි නගරය යටින්, තාම තියෙන්නේ ඕලන්ද යුගයේ ඉංග්‍රීසීන්ගේ යුගයේ හදපු කාණු පද්ධතිය. වතුර පද්ධති. මළ අපවහන පද්ධතිය. ඒ ටික නිවැරදි කරන්නැතුව මේ නගරය යටින් ගොඩනගන් නැතුව කවදාවත් උඩින් අතුගාලා හරියන්නෑ. මේක හරියට හැට පැනපු මහල්ලන්ට අර මූණට පේෂල් කරලා නේද? ඒ අයගේ මේකප් කරලා ලස්සන තරුණයෝ හදලා පෙන්නන්න. අන්න ඒ වගේ දෙයක්. නමුත් මහලුකම, මහලුකමමයි. ඒක තමයි නගරය යට ඉඳන් ගොඩනඟන වැඩපිළිවෙලක් අපි දියත් කළේ. අර සැහැල්ලු දුම්රිය ක්‍රියාවලිය ඇතුලේ තව ලක්ෂ දහයක් විතර ජනයා කොළඹට ආවා නම් දවසකට මොනතරම් අපේ ජනතාවගේ ආදායම් වැඩි වෙනවද? දවසකට මොනතරම් අපේ ජීවිත වෙනස් වෙනවද? එක පෑන් පාරෙන් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඒවා නැවැත්තුවේ. එක පෑන් පාරෙන්. ඒකෙන් මොකද උනේ? අපට අවුරුදු හැත්තෑවක් ආධාර කරපු ජපන් ආණ්ඩුව අපෙන් ඈත් වෙලා ගියා. ඒක තමයි වුණේ. අපට ඉතාමත්ම සහනදායි විදිහට උදව් කරපු ජපන් ආණ්ඩුව අපිට නැති කළා. ඒ වගේම මෙතන ඉඳන් අපි හැදුවා කැළණිවැලි දුම්රිය මාර්ගය අරන් එන්න විධිමත්ව. නැවැත්තුවා ඒ ව්‍යාපෘතිය. එහෙම වුණා නම් තවත් ජනගහනයක් මේ කොළඹ නගරයේ සේවය සඳහා එනවා. ඉතින් ඒ නිසා අද මොකද වෙලා තියෙන්නේ? මහා හෝටල් පද්ධතියක්, මහා වෙළඳ මධ්‍යස්ථාන පද්ධතියක් එක්ක මහා දුප්පත් පැල්පත් පද්ධතියක් ඇති වෙලා තියෙනවා.”
“පහුගිය මාස පහට විතරක් විදුලිබල මණ්ඩලයේ වැඩිපුර රු. 15,000 ක් මේ රටේ හැම විදුලි පාරිභෝගිකයෙක්ගෙන්ම අරන් තියෙන්නේ. අපි මණ්ඩලයට පහළොස්දාහක් ණය වුණා නම් කොහොමද? සීයට පහළවේ පොලියක් එක්කහු කරලා, කපලා, දෙන්න තව අමතර එකකුත් දාලා නේද? හැබැයි අපෙන් පහළොස් දාහක්, මේ මාස පහේ මැයි මාසේ වෙනකොට අරන් තියෙනවා. එතකොට මේ අසාධාරණ, අයුක්තිසහගත විදුලි බිල නිසා ලක්ෂ දහයකගේ ලයිට් කැපුවා ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ දැන් ලක්ෂ දෙකකට අධික පිරිසකගේ කපලා තියෙනවා.
ගිය අවුරුද්දේ වැට් බදු සහනයක් දුන්නා රටේ ධන කුවේරයින්ට කොච්චරද කියනවා නම් රාජ්‍ය සේවකයෝ දාහතර ලක්ෂෙකට මාසෙකට රු.30,000 ක් පඩි වැඩි කරන්න පුළුවන් තරම් සහනයක් දුන්නා. අත්පිට මුදලට මිසක් අරක්කු විකුණන්න පුළුවන්ද ලංකාවේ කොහෙවත්? බෑ. හැබැයි අරක්කු මුදලාලිලා දෙන්නෙක් කෝටි 700 ක් පොලු තියලා තියෙනවා අවුරුදු පහක් තිස්සේ. කිසිම විදිහකට අයකරගන්න උත්සාහයක්වත් නෑ.
CN