සෙනසුරාදා, 13 ජූලි 2024 10:30

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන ව්‍යාපෘ­ති­යට OPEC වෙතින් රු. කෝටි 3,000ක් Featured

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන ව්‍යාපෘ­තිය සඳහා රු. කෝටි 3,000ක (අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 100ක) ආධා­ර­යක් පිරි­නැ­මී­මට ඔපෙක් අර­මු­දල එක­ඟ­තාව පළ කර තිබේ. එවැනි මුද­ලක් ලැබීම ශ්‍රී ලංකාව ජාත්‍ය­න්තර වශ­යෙන් දිනා­ගත් විශ්වා­සයේ ප්‍රති­ඵ­ල­යක් බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ මහතා ප්‍රකාශ කරයි.

මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන වැඩ­ස­ට­හනේ ඉදිරි කට­යුතු පිළි­බඳ සාක­ච්ඡා­වක් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ සහ ජාත්‍ය­න්තර සංව­ර්ධ­නය පිළි­බඳ ඔපෙක් අර­මු­දලේ (OPEC Fund for International Development) ආසියා ශාන්ති­කර කලා­පීය කළ­ම­නා­කරු යූසෆ් අල්-මුලහ්ම් මහ­ත්ව­රුන් අතර මුදල් අමා­ත්‍යාං­ශ­යේදී පැවැති අතර එහිදී මේ බව අනා­ව­ර­ණය විය. අදාළ වැඩ­ස­ට­හන දැනට ආසි­යානු සංව­ර්ධන බැංකුවේ අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 300කට අධික ආධාර යටතේ සිදු කෙරෙන අතර, ඔපෙක් අර­මු­දල මඟින් ඒ සඳහා තවත් අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 100කට අධික දාය­ක­ත්ව­යක් දැක්වී­මට එක­ඟ­ත්වය පළ කර තිබේ. ඔපෙක් අර­මු­දල මෙරට ජන­තාව වෙනු­වෙන සිදු­ක­රන මෙහෙ­වර පිළි­බඳ ඇමැ­ති­ව­රයා එහිදී කළ­ම­නා­කා­ර­ව­රයා වෙත කෘත­ඥ­තාව පළ කළේය. මහ­වැලි ජල සුර­ක්ෂි­තතා ආයෝ­ජන වැඩ­ස­ට­හන යටතේ මොර­ග­හ­කන්ද සහ කළු­ගඟ ජලා­ශයේ සිට හුරුලු වැව සහ මහ කන­ද­රාව වැව දක්වා මේ ව්‍යාපෘ­තිය මඟින් පෝෂ­ණය වෙයි. මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේම­සිංහ මහ­තාගේ පසු­ගිය ඔස්ට්‍රි­යානු සංචා­ර­යේ­දීද මෙහිදී විශේෂ අව­ධා­නය යොමු කර­මින් සාකච්ඡා පැවැත්වූ අතර, එහි තවත් සාකච්ඡා වට­යක් මුදල් අමා­ත්‍යාං­ශ­යේදී පැවැ­ත්විණි. මෙරට කෘෂි­කා­ර්මා­න්තය වෙනු­වෙන් සිදු කෙරෙන දිගු කාලීන ව්‍යාපෘ­ති­යක් වන මේ සඳහා ඔපෙක් අර­මු­දල මඟින් මුදල් වෙන් කිරීම ණය ප්‍රති­ව්‍යූ­හ­ග­ත­ක­ර­ණයේ සහ ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ප්‍රති­සං­ස්ක­රණ වැඩ­ස­ට­හනේ සාර්ථ­ක­ත්වය හේතු වූ බව ඇමැ­ති­ව­රයා පැව­සීය. ජාත්‍ය­න්තර වශ­යෙන් ශ්‍රී ලංකාව පිළි­බඳ මතුව ඇති විශ්වා­සය ඊට හේතුව බවද ඒ මහතා සඳ­හන් කළේය. ඔපෙක් අර­මු­දල මඟින් මීට පෙර අව­සන් කරන ලද ව්‍යාපෘති 13ක් වෙනු­වෙන් සිය දාය­ක­ත්වය දක්වා ඇති අතර, එම ආධාර යටතේ තවත් ව්‍යාපෘති 7ක් දැන­ට­මත් ක්‍රියා­ත්මක වෙමින් පවතී.

DMN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website