බ්‍රහස්පතින්දා, 01 අගෝස්තු 2024 09:39

යලිත් ඉන්දීය බිත්තර අඩු මිලට වෙලදපලට.. Featured

මෙම මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා බිත්තර මිලියන 03ක් ආනයනය කිරීමට අවධානය යොමුව ඇතිබව වෙළද අමාත්‍යංශය පවසයි.

එලෙස ආනයනය කරනු ලබන බිත්තරයක් රුපියල් 38 ක් හෝ 40 වැනි මිලකට අලවි කිරීමට සැලසුම් කර තිබේ.

 

දේශීය වෙළඳ පොළේ බිත්තර මිල ස්ථායිකරණය කිරීමේ අරමුණින් බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී තිබේ.

 

ඒ අනුව එළඹෙන රාමසාන් සහ නත්තල් උස්සව කාලසීමාව තුල බිත්තර මිල ස්ථායිකරණය කිරීමට හැකි වනු ඇතිබව එම අමාත්‍යංශය සඳහන් කරයි.

 

කේක් ඇතුළු බේකරි නිෂ්පාදන කර්මාන්තයට අවශ්‍ය බිත්තර සැපයීමට හැකිවනු පරිධි බිත්තර ආනයනය කිරීමට තීරණය කර ඇතිබව වෙළද අමාත්‍යංශය පවසයි.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website