ඉරිදා, 04 අගෝස්තු 2024 10:00

රනිල්-දිනේෂ්-සජිත්-අනුර වත්කම් පෙන්වති Featured

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රසිද්ධ කර ඇත.

වත්කම් බැරකම් ප්‍රකාශ කිරීමේ නව පනත අනුව මෙලෙස සියලු මහජන නියෝජිතයන්, මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සැවොම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අතර ඒවා අල්ලස් කොමිසමේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීම ද පනතේ එක නියමයකි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පනත ඉදිරිපත් කළ අතර ඒ අනුව සෑම වසරකම මහජන නියෝජිතයන් මෙන්ම සියලු නිලධාරීන් වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතුය. මින් පෙර දේශපාලනඥයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව, පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයේ සේප්පුවක තැන්පත් කරන නමුත් නව පනත අනුව ඒ සියලු වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් කොමිසම වෙත යැවිය යුතුවේ.

චමින්ද සිල්වා

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website