ඉරිදා, 04 අගෝස්තු 2024 09:55

රට නිවාස කුලී කෝටි 17 පනී Featured

විදේශ දූත මණ්ඩල ඇති ඔස්ට්‍රේලියාව, ස්විඩනය හා කෙන්යාව යන රටවල ශ්‍රී ලංකා රජයට අයත් ගොඩනැඟිලි පැවතිය ද ඒවා නඩත්තු නොකිරීම නිසා

ඉකුත් වර්ෂයේ දී (2023) නිවාස කුලී වශයෙන් රුපියල් දාහත්කෝටි තිස්පන් ලක්ෂ තිස්හත්දහස් අටසිය හැත්තෑ පහක මුදලක් (173,537,875) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

එමෙන්ම ඉකුත් වර්ෂය වන විට විදේශීය දූත මණ්ඩල කාර්යය මණ්ඩල පදිංචි වී නොමැති නිවාස සඳහා තබා ඇති තැන්පතු මුදල රුපියල් පන්කෝටි හැටහයලක්ෂ විසිනවදහස් හයසියදාහතරක් (56,629,614) බව ද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

ඊට අමතරව වසාදමනු ලැබූ දූත මණ්ඩල තුනකට අදාළ නිවාස සඳහා ආරක්ෂිත තැන්පතු වශයෙන් රුපියල් 9,199 873 ක මුදලක් තැන්පත්කොට ඇත.

මෙම තොරතුරු අනාවරණය වන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන වාර්තාවේය.

ලලිත් චාමින්ද

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website