සිකුරාදා, 16 අගෝස්තු 2024 13:19

ඖෂධ වර්ග 40ක හිඟයක් රටතුළ… Featured

හිඟව පැවති නිර්වින්දන ඖෂධ තොගයක් ආනයනය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී. වීරසූරිය මහතා පැවසීය.

නියොස්ටිග්මීන් නැමති අදාළ ඖෂධය මේ වනවිට රෝහල් පද්ධතියට බෙදා හරිමින් සිටින බව පැවසීය.

 

තවත් මාස කිහිපයක අවශ්‍යතාවට සරිලන ඖෂධ තොගයක් ඉදිරි සතියේ දිවයිනට ලැබෙන බව පැවසීය.

 

තවදුරටත් ඖෂධ වර්ග 40ක පමණ හිඟයක් රටතුළ පවතින බව එහිදී වැඩිදුරටත් පැවසීය.

 

– නාගොඩ සුමන උදයන්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website