සදුදා, 19 අගෝස්තු 2024 12:27

කෝටි දහයක කුෂ් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට Featured

තේ ඇසුරුම් කිරීමේ ආයතනයක් ලෙස මාලඹේ පිට්ටුගල කහන්තොට පාර ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගංජා වගාවක් බස්නාහිර පළාත දකුණ දිසාව භාර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් වටලා තිබේ.එහිදී අදාළ නිවසේ පහත මහලේ කාමරයක් වායු සමනය කර ගංජා පැළ 174කට ආසන්න ප්‍රමාණයක් වගා කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරුවෙකු කුෂ් මත්ද්‍රව්‍ය පාර්සල් කරමින් සිට ඇත.සොයා ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි දහයක් පමණ වන බවද පොලීසිය පවසයි. අදාළ නිවස කුලී පදනම මත ලබාගෙන ඇති බවද වාර්තා වී තිබේ.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 25 සහ 48 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.ඊයේ මෙම වැටලීම සිදු කර තිබුණි.

DVN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website