සදුදා, 19 අගෝස්තු 2024 12:36

මං ජනාධිපති වුනාම ඇප නැතිව ණය දෙන බැංකුවක් හදනවා..- අනුර Featured

පිහිටවන ඉදිරි රජයක් යටතේ ව්‍යවසායකයන්ට ඇපයකින් තොරව ණයක් ලබාගැනීමට සංවර්ධන බැංකුවක් පිහිටුවන බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාතික ජන බලවේග ජනාධිපතිවරණ ජන රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

‘අපේ රටේ ශක්තිමත්, ජාත්‍යන්තරය සමග තරග වැදීමට සමත් කොන්ත්‍රාත්කරුවන් ඉන්නවා. ඒ සඳහා රජය සහයෝගය ලබාදිය යුතුයි. තාක්ෂණය ප්‍රාග්ධනය ලබා දෙනවා. කර්මාන්තකරුවකු, ව්‍යවසායකයකු වෙන්න බැංකුවකින් ණයක් ගන්න දේපළක් උකස් කළ යුතු වෙනවා. දේපළක් ඇපයට නැතිව ණය ගන්න බෑ.

ඇප වලින් තොර ණය ලබාදෙන්න පුළුවන් සංවර්ධන බැංකුවක් අපි හදනවා. ඇපය තමයි එම ව්‍යාපාරය දියුණු කරන්න පුළුවන් ව්‍යාපෘති වාර්තාව. ඒ ව්‍යාපෘති වාර්තාව අධ්‍යයනය කරලා පියවරෙන් පියවර මුදල් ලබා දෙනවා.

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ තරුණයකුට ව්‍යවසායකයකු වෙන්න දේපළ ඇපයකින් තොරව ණය ලබා දෙනවා. ප්‍රාග්ධනය, තාක්ෂණය හා වෙළදපොළ හොයලා දෙනවා. අපි ලෝකයේ වෙළදපොළෙන් පංගුවක් අත්පත් කරගත යුතුයි’

CN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website