එම මුදලින් 60% මුදලක් සෘජුවම ජනාධිපති අපේක්ෂකයාට වියදම් කල හැකි අතර ඉතිරි 40% ජනාධිපති අපේක්ෂකයාගේ දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට වියදම් කල හැකි බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
මැතිවරණ වියදම් නියාමනය කිරීම පිළිබඳව අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ (19) රාත්‍රියේ නිකුත් විය.
ඒ 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තියෙ නියමයන් දක්වමින්ය.
ජනාධිපතිවරණ අපේක්ෂකයකු විසින් මැතිවරණ ප්‍රතිපල නිකුත් වී දින 21ක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තාව මැතිවරණ කොමිෂම වෙත බාරදිය යුතුය.
– නාගොඩ සුමන උදයන්ත