බදාදා, 21 අගෝස්තු 2024 12:08

දුප්පතුන්ට 10,000ක් දෙනවා.. විදුලිය 33%ක් ඉන්ධන මිල අඩු කරනවා, ආහාර සෞඛ්‍ය අධ්‍යාපන වැට් ඉවතට.. Featured

ඉදිරි ජනාධිපතිවරයෙන් පසු ජාතික ජන බලවේගය රට භාරගන්නේ නාස්තිය දූෂණය සොරකම හා දරිද්‍රතාවය පිටුදැකීමේ සැලසුමක් ඇතිව බව එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ග්‍රාමීය ආර්ථිකය, කුඩා කර්මාන්ත, කෘෂිකර්මාන්තය දියුණු කිරීමට තම පක්ෂයට වැඩපිළිවෙලක් ඇති බවද හෙතෙම පැවසීය.

 

තම රජයකට අවම වශයෙන් අඩු ආදායම් ලැබී පවුල් සඳහා රුපියල් දස දහසක දීමනාවක් ලබාදෙන බවද පැවසූ ඔහු විදුලි ගාස්තුව තුළින් එකකින් අඩු කරන බවත්, ඉන්ධන මිලද පහත දමන බවත් සෞඛ්‍ය ආහාර හා අධ්‍යාපනයට අදාළ වැට් බදු ඉවත් කරන බවත් කියා සිටියේය.

 

අඩු මිලට දේපළ ඇපකරයකින් තොරව ණය ලබාදීම සඳහා සංවර්ධන බැංකුවත් හදුන්වා දෙන බවත් සමීක්ෂණයක් සිදු කිරීමෙන් පසු ගොවීන්ගේ ණය කපා හැරීමට පියවර ගන්නා බවත් කියා සිටියේය.

 

විවිධ පුද්ගලයන් විසින් ගෙවීම් පැහැර හැර ඇති රුපියල් බිලියන 1100 පමණ බදු ආපසු අය කර ගැනීමට තම රජයේ කටයුතු කරන බවද පැවසූ ඔහු එම බදු මුදල් සියල්ල මහා භාණ්ඩාගාර යුතු යොමු කරන බවට සහතික වන බවත් කියා සිටියේය.

 

තම රජය බලයට පත් වූ පසු කිසිවෙකුගෙන් පලි නොගන්නා බවත් කෙසේ නමුත් සොරකම් කළ දේපළ පවරා ගැනීමට කටයුතු කරන බවත් පැවසීය.

 

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් ගල්ගමුව ප්‍රදේශය පැවති ජන හමුවක් අමතමිනි.

cn

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website