බදාදා, 21 අගෝස්තු 2024 12:19

වී මිලදී ගැනීමේ ගැටලුව කරඅරින ඇමති Featured

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් වී මිලදී ගැනීමේ කටයුතු අඩාල වී ඇති බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ, වී මිලදී ගැනීමේ කටයුතු මෝල්හිමිකරුවන්ට භාර දී ඇතත් එය නිසිපරිදි ක්‍රියාත්මක නොවන බවය.

"අපි ඉල්ලා හිටියා සල්ලි දෙන්න කියලා. ඉතිං ඒ අය නිලධාරීන් විශ්වාස කරන්නේ, වී මණ්ඩලය ගැනවත් ඒ වැඩපිළිවෙල ගැනවත් නෙවෙයි මෝල් කට්ටිය ගැන. එහෙම විශ්වාස කරලා කටයුතු කරන්නේ කොහොමද? මං දැනට ලිඛිතවත් දන්වලා තියෙන්නේ, මුදල් අමාත්‍යංශයට වී මණ්ඩලය පවරා ගන්න කියලා. ජනාධිපතිතුමා කියලවත් මුදල් දෙන්නේ නැති නිලධාරීන් ඉන්නේ. එහෙම වුණාම කොහොමද කරන්නේ අපි. මේකට මට චෝදනා කරලා වැඩක් නෑ. මට මගේ පැත්තෙන් ගන්න තියෙන ඉහළම ක්‍රියාවලියට ප්‍රවේශ වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ගොවීන්ට අසාධාරණයක් වෙලා තියෙනවා. ඒක මං පිළිගන්නවා. මං මොකද්ද කරන්නේ? මට මොකද්ද කරන්න පුළුවන්? මේ නිලධාරීන් කිහිපදෙනෙක් කරන කාර්යයට මට කරන්න දෙයක් නෑ. ඒක තමා මං කියන්නේ මේ වගකීමෙන් මාව නිදහස් කරන්න."

අදාළ ගැටලුව සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි කරන මහින්ද අමරවීර අමාත්‍යවරයා,

"මුදල් අමත්‍යංශයේ සමහර නිලධාරීන් කිහිපදෙනෙක් හිතුවක්කාර විදිහට වැඩ කරනවා. ඒ අය වී මිලදී ගැනීමේ වගකීම මේ වතාවේ භාරදුන්නේ කුඩා සහ මධ්‍යම පරිමාණ වී මොල්හිමියන්ට. වී අලෙවි මණ්ඩලයට නෙවේ. ඒ නිසා එම කටයුත්ත සිද්ධ වෙන්නේ නෑ. අවංකව කියන්න ඕන එම ප්‍රදේශවල ගැටලුවක් තියෙනවා. මං මේක මාස ගාණක තිස්සේ ඉඳන් කියනවා. වී අලෙවි මණ්ඩලය මෙහෙම තියන් ඉඳලා වැඩක් නෑ. මේක මුදල් අමාත්‍යංශයට පවරා ගන්න. මොකද අපිට වී අලෙවි මණ්ඩලයට මුදල් නැතුව කෙහොමද වී මිලදී ගන්නේ. මම ආවට පස්සේ වී අලෙවි මණ්ඩලයට ලාභයි. දැන් කන්න දෙකක් අපි ගොවි භාර අරමුදලෙන් ණය අරගෙන ණයවල පොලිත් ගෙවලා ලාභත් ලබලා තියෙනවා."

DN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website