බ්‍රහස්පතින්දා, 22 අගෝස්තු 2024 09:58

ජනපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධ කරයි Featured

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දුන් අපේක්ෂකයින් විසින් නාමයෝජනා පත්‍ර සමඟ තමන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමෙන් අනතුරුව,

අදාළ ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත භාර ගැනීමට කටයුතු කරන බව එම කොමිෂන් සභාව සදහන් කරයි.ඉන්පසු අදාළ වත්කම් හා බැරකම් ප්‍රකාශවල සංස්කරණය කරන ලද පිටපත් (දූෂණ විරෝධී පනතේ 88 (1) උපවගන්තියට අනුව, අදාළ ප්‍රකාශවල හෙළි නොකළ යුතු බවට දක්වා ඇති තොරතුරු හැර අනෙකුත් තොරතුරු සහිතව) කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරනු ලබන බව ද දන්වා සිටියි.

 DVN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website