බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2024 14:03

සීඅයිඩී වෙස් අරන් ඇවිත් නඩු බඩු ගබඩාවේ කුඩු කිලෝ 12ක් උස්සලා Featured

සැකකරු වහා අල්ලනු සීඅයිඩීයට නියෝග

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ නඩු භාණ්ඩයක් වශයෙන් තිබූ හෙරොයින් කිලෝ 12ක් වංචා සහගතව රැගෙන ගොස් ඇති බව කියන සැකකරුවකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ඊයේ (28 දා) නියෝග කළේය.

මෙම කුඩු තොගය කොළඹ මහාධිකරණයේ නඩුවක් සඳහා ගොනු කිරීමට තිබූ ඒවා බවත් එම කුඩු තොගය මීට පෙරදී රස පරීක්ෂකවරයා වෙත යැවීමෙන් අනතුරුව නැවත එම නඩු බඩු කාමරයේ ගබඩා කර තිබී ඇති බව ද දැන ගැනීමට තිබේ.

එම කුඩු තොගය එසේ තිබියදී පසුගිය දිනක එම නඩු බඩු කාමරය වෙත පැමිණ ඇති පුද්ගලයෙකු තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තරිඳු යෝෂිත අයෙකු බවත් එම කුඩු තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට අවශ්‍ය බව පවසමින් එම නඩු බඩු කාමරයේ භාරකරුට අසත්‍යය ප්‍රකාශ ලබාදී එම කුඩු තොගය වංචා සහගතව රැගෙන ගොස් ඇති බව ද අනාවරණය වෙයි.

එම කුඩු තොගය නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට අධිකරණ නියෝගයක් තිබී නැති බවත් මහාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුත්ත සඳහා එම කුඩු තොගය ගොනු කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එය අස්ථානගතව ඇති බව දැනගෙන තිබේ.

ඒ.ජේ.ඒ. අබේනායක

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website