බ්‍රහස්පතින්දා, 29 අගෝස්තු 2024 14:06

සරුංගල් ගුවන් ගත කර විදුලිය නිපදවීම අරඹයි.. Featured

පසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත පැවැත්වූ සරුංගල් සංදර්ශනයෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන්

සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහතුන් පැවසිය.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ

 

නුවරඑළියේදී පැවැත්වූ සරුංගල් සංදර්ශනය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ දායකත්වය ලබා දී තිබුණා, එවිට සිදු කළ පර්යේෂණයකින් තමයි අපි සරුංගල් හරහා බලශක්තිය නිපදවීමේ වැඩ කටයුතු ආරම්භ කරන්නට මේ වනවිට කටයුතු කර තිබෙනවා.

 

සුළං බලයෙන් බලශක්තිය නිපදවීම සාමාන්‍ය දෙයක් වුණත් ඒ සාමාන්‍ය දෙයින් ඔබ්බට ගිහින් සරුංගලයක් ගුවන් ගත කර බලශක්තිය නිපදවීමේ ක්‍රියාදාමය අපි නුවරඑළියෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.

 

ලංකාවට මේක අලුත් සංකල්පයක් වුණත් ඇමරිකාව වගේ ප්‍රබල බලවත් රටවල් වල සරුංගලයෙකින් ගෙවල් පහකට වගේ බල ශක්තිය ලබාදෙනවා.

 

ලංකාවේ ක්‍රියාත්මක සියලුම සරුංගල් සංගම් සමග සාකච්ඡා කොට ඉදිරියේදී සරුංගල් ගුවන් ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ මෙම සංකල්පය සාර්ථකව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අප කටයුතු කරනවා යනුවෙන් පැවසීය.

 

මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා මහතා කියා සිටියේ,

 

නියත වශයෙන්ම පුනර්ජනනීය බල ශක්තිය ලෝකයේ සෑම ස්ථානයකටම වර්තමානය වන විට අවශ්‍ය වෙලා තිබෙනවා, ඒ උවමනාව සපුරමින් සරුංගල් ගුවන්ගත කිරීම හරහා නව ක්‍රමවේදයක් ඔස්සේ පුනර්ජනනීය බල ශක්තිය නිපදවීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට තමයි අපි විද්‍යාඥයන් හැටියට මේ බලාපොරොත්තු වෙන්නේ.

 

දැනට සිදුකළ අත්හදා බැලීම් වලින් අනාවරණය වෙලා තියෙන්නේ අඩි පන්සියයක් හෝ ඊට වැඩිය උස අහසේ පියාසර කරන සරුංගල් හරහා පුනර්ජනනීය බල ශක්තිය සාර්ථකව නිපදවා ගැනීමට හැකිවන බවයි.

 

එක් සරුංගලයක් නිවැරදිව ක්‍රමානුකූලව ගුවන් ගත කිරීමෙන් නිපදවා ගන්නට පුළුවන්කම අපට තියෙනවා. ඒකෙන් විශාල වැඩ කොටසක් කරගන්නටත් අපට හැකි වෙනවා යනුවෙන් පැවසිය.

 

– රංජිත් රාජපක්ෂ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website