අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2024 14:02

යාපනයේ සිට චෙන්නායිවලට නව ගුවන් සේවයක් Featured

ඉන්දියාවේ, චෙන්නායි හා යාපනය අතර ඉතා ලාභදායී ගුවන් සේවයක් සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ කරන ලද අතර පළමු දිනයේදී එම ගුවන් යානයෙන් චෙන්නායි සිට මගීන් 52 ක් යාපනය වෙත ළඟා වූහ.

පැමිණි ගුවන් යානය සාම්ප්‍රදායන්ට අනුව ජල ප්‍රහාරවලින් ගුවන් තොටුපළේදී පිළිගත් අතර මගීන් සියලු දෙනාද ඉතා උණුසුම් ලෙස පිළිගෙන ඔවුන්ට යාපනයේ පාරම්පරික ආහාර හා පානවලින් සංග්‍රහ කරනු ලැබීය.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංචාරක කර්මාන්තය නඟාසිටුවීමේ පියවරක් වශයෙන් ඉන්ඩිගෝ එයාර් ලයින් ගුවන් සේවය විසින් ආරම්භ කරන ලද මෙම ගුවන් සේවය මගින් රු. 44,500 කට ඉන්දියාව හා යපනය අතර යෑමට හා ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගත හැකිය.

පළමු දිනයේ යාපනයෙන් චෙන්නායි දක්වා මගීන් 74 ක් පිටත්ව ගියහ.

මෙම ගුවන් සේවාව දිනපතාම යාපනය හා චෙන්නායි අතර ක්‍රියාත්මක වෙයි.

චෙන්නායි වලින් ප.ව. 1.55 ට පිටත් වන මෙම ගුවන් යානය ප.ව. 3.10 ට යාපනයට ළඟා වෙයි. අනෙක් ගුවන් යානය ප.ව. 3.55ට යාපනයෙන් පිටත් වී ප.ව. 5.10 ට චෙන්නායී වෙත ළඟා වෙයි.

නව ගුවන් සේවයේ පළමු ගුවන් යානය පැමිණීම හා පිටත්වීම සනිටුහන් වූ දිනයේදී යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ප්‍රභූවරුන් විශාල පිරිසක් පැමිණ එම අවස්ථාව සමරනු ලැබූහ.

දිනසේන රතුගමගේ

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website