අඟහරුවාදා, 03 සැප්තැම්බර් 2024 14:04

ජූලි අවසානයේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.7ට නගී Featured

ඉකුත් ජූලි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා වැඩි වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පසුගිය වසරේ (2023) දෙසැම්බර් අග වනවිට පැවැති විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් වූ අතර මේ අනුව මේ වසරේ (2024) පළමු මාස හතේදී මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3කින් වර්ධනය වී ඇත.

මෙයට චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වන විදේශ විනිමය හුවමාරු පහසුකම් ද ඇතුළත් වේ. මේ ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7ක මුළු විදේශ සංචිත ප්‍රමාණය මඟින් ආවරණය කළ හැකි ආනයන ප්‍රමාණය ආනයනික මාස 3.8ක් පමණ වන බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

ඉකුත් ජූලි මාසයේදී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 121ක ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීමක් සිදුකර ඇති බවද එහි සඳහන් වේ.


ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website