බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2024 08:38

මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගෙවන්න එකගවේ Featured

රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිය වැටුප් අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රජයේ මිනින්දෝරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නාය.මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබැලීම සඳහා කැඳවනු ලැබීය.පෙත්සම්කරුවන් කියා සිටින්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති පෞද්ගලික මිනින්දෝරුවන්ට පැවරීමට එරෙහිව දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන්ට හිමිවිය යුතු ජූලි සහ අගෝස්තු මාසවලට අදාළ වැටුප් ගෙවීම අත්හිටුවීම තුළින් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය.

DVN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website