බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2024 12:08

සංචාරක පැමිණීම ලක්ෂ 14ට ආසන්න වෙයි Featured

මේ වසරේ ගත වු කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 14 ලක්ෂයට ආසන්න වී තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර ඇත්තේ ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 08 වැනිදා දක්වා දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 1,395,773ක් බවය.

සංචාරකයින් වැඩි සංඛ්‍යාවක් පසුගිය පෙබරවාරි මාසයේ දිවයිනට පැමිණි ඇති අතර එම සංඛ්‍යාව 218,350කි.

එමෙන්ම ජනවාරි සහ මාර්තු මාස වලද ලක්ෂ දෙක ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇත.

මෙලෙස පැමිණ ඇත්තේ ඉන්දියාව, බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය, චීනය යන රටවල සංචාරකයින් පිරිසකි.

පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දැක්වුණේ 1,487,303ක් ලෙසය.

 

ADN

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website