සිකුරාදා, 13 සැප්තැම්බර් 2024 13:03

උපාය මාර්ගික හවුල්කාරිත්වයක් වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව සහ DFCC බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් Featured

ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශික පුද්ගලයන් (FIs) සඳහා ආමුඛ ආයෝජන ගිණුම් (IIAs) සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ DFCC බැංකුව අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී.

CSE ජංගම යෙදුම හරහා මධ්‍යම තැන්පතු ක්‍රමයේ (CDS) ගිණුම් විවෘත කිරීමේදී විදේශික පුද්ගලයන් හට ආමුඛ ආයෝජන ගිණුම් ඉල්ලුම් කිරීමට මෙම සහයෝගිතාව හරහා හැකිවනු ඇත. කාර්යක්‍ෂම සහ අනුගත ගිණුම් විවෘත කිරීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය අයදුම්කරුවන්ගේ තොරතුරු CSE සහ DFCC බැංකුව අතර හුවමාරු කෙරෙනු ඇත. පුළුල් පරාසයක සිටින ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින් ආයෝජන ක්‍රියාවලිය සරල කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කිරීම මෙම හවුල්කාරිත්වයේ අරමුණයි.

CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මේ පිළිබඳව මෙලෙස අදහස් දැක්වුවේය. “මෙම අවබෝධතා ගිවිසුම මගින් අපට ආමුඛ ආයෝජන ගිණුම් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය විධිමත් කිරීමට ඉඩ සලසන අතර එමඟින් විදේශයන්හි පදිංචි ආයෝජකයින්ට අපගේ ප්‍රාග්ධන වෙළඳපොළට ප්‍රවේශ වීමට වඩාත් පහසු වනු ඇත. වර්තමානයේ වෙළඳපොළ කලාපීය වශයෙන් අඩු තක්සේරුවකට ලක්ව ඇති මොහොතක, එය විදේශීය ආයෝජකයින් සඳහා මහඟු අවස්ථාවක් වේ. අපගේ අඩු තක්සේරු කිරීම් සහ ශක්තිමත් අනාගත ඉපැයීම් විභවයන් මනාව උපයෝගී කර ගනිමින්, CSE ජංගම යෙදුම හරහා කාර්යක්ෂම ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලියක් හරහා ශ්‍රී ලංකා වෙළඳපොළට වැඩි ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම අපගේ අරමුණයි.”

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙලෙස සිය අදහස් දැක්වුවේය. “ඩිජිටල් පරිවර්තනය ඉදිරියට ගෙනයාමට සහ 100% මුද්‍රිත ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ක්‍රියාවලීන් ඉටු කර ගැනීම සඳහා වන අපගේ කැපවීමට සමගාමීව, CSE සමඟ සහයෝගයෙන් විදේශීය ආයෝජකයින්ට ආමුඛ ආයෝජන ගිණුම් වෙත බාධාවකින් තොරව ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම පිළිබඳ අපි සතුටු වන්නෙමු. මෙම ක්‍රියාව මගින් විදේශීය ආයෝජකයින්ට අපගේ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් සරල වන අතර එය ඩිජිටල්කරණය වනු ඇත. ඩිජිටල් බැංකුකරණයේ ප්‍රමුඛයෙකු ලෙස සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක බැංකුවක් ලෙස වසර 70කට ආසන්න කාලයක් පුරාවට වන ඉතිහාසයක් සතු අපට මෙම ජයග්‍රහණය සාඩම්බර මොහොතකි. අප රටට ඵලදායී අන්දමේ නව සහයෝගීතාවන් බිහි කරන උපායමාර්ගික හවුල්කාරිත්වයක් හා සම්බන්ධ වීමට අප සතු රුචිකත්වය මේ හරහා විද්‍යමාන වේ.

ngngbnbnfghgrytr

ඡායාරූපය - තැන්පතු මෙහෙයුම් සහ පර්යේෂණ සහ සංවර්ධන උපායමාර්ග - ජ්‍යෙෂ්ඨ සහකාර කළමනාකරු/ව්‍යාපෘති ප්‍රධානී, වින්ද්‍යා කොළඹගේ මහත්මිය (DFCC); ජ්‍යෙෂ්ඨ නීති නිලධාරි, ඈන් සිල්වා මෙනවිය (DFCC); Margin Trading - ජ්‍යෙෂ්ඨ කළමනාකරු, ඒ. සේතුරාමලිංගම් මහතා (DFCC); භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණය - උප සභාපති, චන්න දයාරත්න මහතා (DFCC); නීති අංශය - උප සභාපති, සමත්‍රි කාරියවසම් මෙනවිය, (DFCC); භාණ්ඩාගාර සහ ආයෝජන බැංකුකරණය - ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප්‍රින්ස් පෙරේරා මහතා (DFCC); අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී, තිමල් පෙරේරා මහතා (DFCC බැංකුව); ප්‍රධාන විධායක නිලධාරී, රජීව බණ්ඩාරනායක මහතා (CSE); ප්‍රධාන වෙළෙඳපොළ මෙහෙයුම් නිලධාරී, චන්ද්‍රකාන්ත ජයසිංහ මහතා (CSE); මධ්‍යම තැන්පතු ක්‍රම ප්‍රධානී - ජ්‍යෙෂ්ඨ උප සභාපති, නලින් ෆොන්සේකා මහතා (CSE); තොරතුරු තාක්ෂණ ප්‍රධානී - ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෞෂාල් සිරිවර්ධන මහතා (CSE); CDS නියෝජ්‍ය ප්‍රධානී නදීර අතුකෝරළ මහතා; නීති, බලාත්මක කිරීම සහ අනුකූලතා - ජ්‍යෙෂ්ඨ උප සභාපති, ලංකේෂා මොල්ලිගොඩ මෙනවිය (CSE); නීති සහ බලාත්මක කිරීම - නීති නිලධාරි, දෙව්නි ගලබඩ මෙනවිය (CSE) සහ තැන්පතු ඩිජිටල් සේවා - ප්‍රධානී, අනුරාජ් වික්‍රමසිංහ මහතා (CSE).

ADN

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website