සදුදා, 16 සැප්තැම්බර් 2024 11:07

සහල් මිල පාලන මිල ඉක්මවයි.. නාඩු, සම්බා සගවා විකුණති.. Featured

සහල් තොග වෙලදුන් විසින් පාලන මිලට වඩා වැඩි මිලකට සහල් තොග නිකුත් කිරිම නිසා පාලන මිල ඉක්මවා තමන්ට සිල්ලර මිලට සහල් අලෙවි කිරිමට සිදු වි ඇති බව සහල් වෙලෙදුන් කියා සිටියි.

නාඩු සහල් කිලෝවක පාලන මිල රු 220 වන අතර, සම්බා සහල් කිලෝවක පාලන මිල 230 ක් වශයෙන් අලෙවි කල යුතු බව පාරිභෝගික සේවා අධිකාරිය විසින් නියම කර ඇත.

එසේ පාලන මිල නියම කර තිබියදි සහල් තොග වෙලෙදුන් විසින් නාඩු සහල් කිලෝවක් රු 235 සහ සම්බා සහල් කිලෝවක් රු 245 වැනි තොග මිලකට තමන්ට නිකුත් කිරිම හමුවේ සහල් පාලන මිලට අලෙවි කිරිමට නොහැකි බවයි සහල් වෙලෙදුන් කියා සිටින්නේ.

සහල් තොග වෙලෙදුන් විසින් සහල් පාලන මිලට වඩා රුපියලක් අඩුවෙන් බිල්පතේ සදහන් කර වැඩිකල මුදල වෙනම ලබා ගන්නා බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

තවද කීරි සම්බා කිලෝ 11000 ක් මිල දි ගන්නා සහල් තොග වෙලෙදුන්ට නාඩු සහල් කිලෝ 5000 ක් නිකුත් කරන බවත්, කීරි සම්බා කිලෝවක් රු 254 කට සහල් මොල්කරුවන් විසින් නිකුත් කරන බවත්, කීරි සම්බා සහල් පමණක් රු 260 ක පාලන මිලට අලෙවි කල හැකි බවයි වෙලෙදුන් කියා සිටින්නේ.

නාඩු සහ සම්බා සහල් මිල පාලන මිලට අලෙවි කිරිමට නොහැකි විම හමුවේ තම වෙලදසැල් වල සහල් ප්‍රදර්ශනය නොකර සගවා තබාගෙන පාරිභෝගිකයන්ට අලෙවි කිරිමට සිදු වි ඇති බවද වෙලෙදුන් වැඩිදුරටත් පැවසිය.

 

CN

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website