සදුදා, 16 සැප්තැම්බර් 2024 11:02

විදෙස් සංචාරකයෝ ලක්ෂ 14ක් මේ වසරේ දිවයිනට ඇවිත් Featured

මේ වසරේ (2024) මේ දක්වා ගතවූ කාලය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 14කට ආසන්න අගයක් දක්වා වර්ධනය වී තිබේ.

මේ අනුව මේ වසරේ (2024) ජනවාරි 01 වැනිදා සිට ඉකුත් සැප්තැම්බර් 08 දින දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයන් ප්‍රමාණය 1,395,773ක් දක්වා ඉහළ ගොස් ඇත.

වැඩි වශයෙන්ම මෙරටට විදෙස් සංචාරකයන් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම ප්‍රමාණය 218,350කි. එසේම 2024 ජනවාරි සහ මාර්තු මාස දෙකේදී ද මෙරටට ලක්ෂ දෙක ඉක්මවා විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණ තිබේ.

එසේම මේ මාසයේ (සැප්තැම්බර්) මුල සිට සැප්තැම්බර් 08 දින දක්වා කාලයේදී මෙරටට විදෙස් සංචාරකයන් 33,105ක් දෙනෙක් පැමිණ ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website