සිකුරාදා, 03 මාර්තු 2023 19:08

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ නංවයි Featured

වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක සියයකින් හෙවත් 1% ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන තිබේ.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, අද (03) සිට මෙම පොලී අනුපාතික ඉහළ යන බවයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු සමග කරන ගනුදෙනුවලදී ගෙවනු ලබන පොලීය හෙවත්, නිත්‍ය තැන්පතු අනුපාතිකය 15.5% ක් දක්වා ඉහළ යනු ඇති.

මේ අතර මහ බැංකුව ණය ලබා දීමේදී අය කරන පොලිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% ක් දක්වා ඉහළ දමා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ණය වැඩපිළිවෙළ යටතේ උද්ධමනය තවදුරටත් පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම පොලී අනුපාත ඉහළ දමන බව එම නිවේදනයේ සඳහන් වේ.

World News

Image

Stats

There are 35134 listings, 1281 categories and 92 owners in our website