සෙනසුරාදා, 04 මාර්තු 2023 17:37

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමට ගත් තීරණය නිවැරදියි - IMF ලාංකික නියෝජිතයින් Featured

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමට ගත් තීරණය නිවැරදි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලාංකික නියෝජිතයින් පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් වන පීටර් බෲවර් සහ මසාහිරෝ නොසාකි යන මහත්වරුන් මේ බව සඳහන් කළේ නිවේදනයක් නිකුත් කරමිනි.

මහ බැංකුව ගෙන ඇති මෙම තීරණය, උද්ධමනය පහත හෙලීම ඉලක්ක කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති රාමුවට අනුකූල බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇති අතර මෙරට උද්ධමනය ඉහළ මට්ටමක පැවතීම දුගී ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

එම නිසා උද්ධමනය කඩිනමින්, තනි ඉලක්කමක් කරා අඩු කිරීමට රජය දක්වන කැපවීම, මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළ නැංවීමට ගත් තීරණයෙන් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අදහසයි.

වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් ඒකක සියයකින් හෙවත් 01%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහා බැංකුව ඊයේ (03) පියවර ගත්තේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, බැංකු සමග කරන ගනුදෙනු වලදී ගෙවනු ලබන පොළිය හෙවත්, නිත්‍ය තැන්පතු අනුපාතිකය 15.5ක්% දක්වා ඉහළ යනු ඇත.

මේ අතර මහ බැංකුව ණය ලබා දීමේදී අය කරන පොළිය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% ක් දක්වා ඉහළ දමා තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ මුල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳව ජාත්‍යන්තරයේ විශ්වාසයක් ගොඩ නැගී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

 

World News

Image

Stats

There are 35132 listings, 1280 categories and 92 owners in our website